Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙන්ඩිස් සමාගමෙන් රජයට අයවිය යුතු බදුමුදල් ගැන මරික්කාර්ගෙන් ප්‍රශ්නයක්

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රය අහෝසි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ස...


අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රය අහෝසි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් අද පළ කළා. 


ඔහු මෙහිදී විමසා සිටියේ මෙම සමාගමෙන් රජයට අයවිය යුතු බදුමුදල් යළි ලබා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබේද යන්නයි.


මන්ත්‍රිවරවරයා ඒ පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි


" දැන් මෙන්ඩිස් සමාගමට අරක්කු නිෂ්පාදනය සදහා බලපත‍්‍රයක් දීලා නැවත එය කැන්සල් කළා කියලා. 


ගැටලූව තියෙන්නේ ඒක නෙමේ කථානායකතුමනි, දැන් මේ සමගාම සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන එකයි දශම එකකුයි, වැට් එක බිලියන තුනයි දශම 5 යි 5 කුයි , ආදායම් බදු දෙකයි දශම 6 යි 3කුයි ආණ්ඩුවට ගෙවන්න තියෙනවා. 


ආණ්ඩුව කිව්වේ මේ පටන් ගන්න දුන්නම මේ සල්ලි ටික ගන්න පුලූවන් කියලා. දැන් නැවත බලපත‍්‍රයත් කැන්සල් කරලා තියෙනවා. එතකොට මහ බැංකු බැදුම්කරයට ඍජු ලෙස චෝදනා ලබපු මේ අය අල්ලනවා වෙනුවට බලපත‍්‍රයක් දීලා ඒක කැන්සල් කරලා තියෙනවා. එතකොට මේ පාඩුව අය කර ගන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළක් තියෙනවද ? මෙම සමාගම ආණ්ඩුවට බිලියන 17ක් ගෙවන්න තියෙනවා. ඒවා අය කර ගන්නේ කොහොමද ?"


මෙන්ඩිස් සමාගමට ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරිමට ජය ගත් තීරණය සහ අයවිය යුතු මෙම බදුමුදල් සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන්ද විමසීමක් කළා. 


" ගෙවිය යුතු හිග බදු මුදල් ගෙවීමට එම සමාගම එකගවීමෙන් පසු අදාළ පාර්ශ්වයට එම ව්‍යාපාර කටයුතු කරන්න අවසර ලබාදී තියෙනවා. 


කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයත් සදහන් කළේ පැහැදිලිවම මේ පුද්ගලයින් සම්බන්ධ වුණු ලංකාවේ විශාල මූල්‍ය  වංචායක් සිදුව තිබෙන නිසා එම සමාගමට ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරීමට කැබින්ට් මණ්ඩලය පියවර ගත්තා." යැයි ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියා.

nethnews

No comments

Ads Place