Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ...


සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.


ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකයි.


මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර්  40 - 50 පමණ දක්වා වැඩි විය හැකි බවයි  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

nethnews

No comments

Ads Place