Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට මෙරටට පැමිණෙන විදේශික සංචාරකයන්ට පළාත් අතර සංචරණයට අවස්ථාව

අද සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට පලාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. කෙසේවෙතත...


අද සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට පලාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. කෙසේවෙතත් ඔවුන්ට එලෙස පළාත් අතර සංචරණය කිරීමට අවසර හිමිවන්නේ ජෛව බුබුළකට යටත්ව පමණක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධාරණය කළා.


එහෙත් මෙරට ජනතාවට තවමත් පළාත් අතර සංචරණය තහනම් වනවා. එම සීමාව ලබන 19 වනදා තෙක් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය ආරංචි මාර්ග පවසන්නේ පළාත් අතර සංචරණ සීමාව ලබන 31 වනදා තෙක් දීර්ඝ කරනු ඇති බවටයි. 


මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයින් ඇතුළු පුද්ගලයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කෙරුණා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්, 07 වන දිනයේදී සිදුකරනු ලබන ඡක්‍ඍ පරීක්ෂණයෙන් නිදහස් කර තිබෙනවා. 


ඒ අනුව මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පළමු ඡක්‍ඍ පරීක්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස තහවුරු නොවන්නේ නම් ඔවුන්ට නිරෝධායනය නොවී බැහැරට යාමේ අවස්ථාව හිමිවනු ඇති.


කෙසේවෙතත්, පුර්ණ කොරෝනා මර්දන එන්නත්කරණයකට ලක්වූ මව්පියන් සමග පැමිණීමේදී නිවෙස් වෙත මුදාහරිනු ලබන අවුරුදු 2 ත් 18 ත් අතර වයස් ඛාණ්ඩයේ පසුවන දරුවන්ට එම අවස්ථාව හිමිවන්නේ නැහැ. ඔවුන් දින 07 කට පසුව PCR පරීක්ෂණයකට පෙනී සිට එහි වාර්තාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලබාදිය යුතු වනවා. 


මේ අතර විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයින් ගුවන් යානයට ගොඩවීමට පැය 72 කට පෙර සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ද තහවුරු විය යුතු බවට ද අදාළ මාර්ගෝපදේශ මාලාවේ දක්වා තිබෙනවා.

nethnews

No comments

Ads Place