Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් වලට නඩු….

  දෙවසරකට පමණ පෙර ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් වල නිෂ්පාදිත කිලෝ ග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 ඇසුරුම්වල මිල සඳහන් නොවීම සම්බන්ධව පාරිභෝගික සේ...

 


දෙවසරකට පමණ පෙර ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් වල නිෂ්පාදිත කිලෝ ග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 ඇසුරුම්වල මිල සඳහන් නොවීම සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරිය පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය මගින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මෙහිදී සෙරෙන්ඩිබ් සමාගමට එරෙහිව පවරන ලද නඩුවේ දී ඔවුන්ට දඩ මුදලක් නියම වී ඇති අතර ප්‍රීමා සමාගම සම්බන්ධ නඩුව විභාග වෙමින් පවතී. එය පසුගිය මැයි මස විභාග වීමට නියමිතව තිබී ඇති නමුත් රට තුළ පැවැති කොවිඩ් 19 තත්ත්වය මත ලබන නොවැම්බර් මාසය දක්වා ඉදිරියට දින නියම වී ඇත.

මේ දිනවල කතාබහ වන පරිදි තිරිඟු පිටි මිල වැඩි කිරීමට නම් පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත. තිරිඟු පිටි මිල වැඩි කළ බව පසුගිය දිනවල තොරතුරු පළ වුවද එවැනි වැඩි කිරීමකට අවසර නොදෙන බව පසුව වාර්තා විය.

කෙසේ වෙතත් පාරිභෝගිකයින්ට සහ විශේෂයෙන්ම බේකරි හිමියන් ට වැඩි මිල ගණන් යටතේ තිරිඟු පිටි අලෙවි කිරීම වැළැක්වීම සඳහාත් පවතින නීති රීති ශක්තිමත් වීම සඳහාත් ඇසුරුමේ මිල සඳහන් කිරීම ප්‍රයෝජනවත් විය හැක. එසේම මිල වැඩි වූ අවස්ථාවක පැරණි තොග පැරණි මිලටම වෙළඳපොළට මුදා හැරීම සඳහාත් ඇසුරුමේ මිල සඳහන් වීම වැදගත් විය හැක.

එබැවින් මෙරට ප්‍රධානම තිරිඟු පිටි සපයන සමාගම වන ප්‍රීමා සමාගමට එරෙහිව පවරන ලද නඩුවෙහි නඩු තීන්දුව ඉතා වැදගත් එකක් වනු ඇත.

lankacnews

No comments

Ads Place