Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසංගතය නුදුරේදීම අවසන්.. රට යථා තත්වයට එනවා.. අපි අනාගතයට සැරසෙනවා..

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නගර අලංකරණ වැඩසටහන යටතේ ඉදි වූ ‘සඳුන් අරණ’ රාජ්‍ය අමාත්‍ය ...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නගර අලංකරණ වැඩසටහන යටතේ ඉදි වූ ‘සඳුන් අරණ’ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ ආරාධනයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පැවරුණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ මෙහෙයවීම සහ නිරන්තර අධීක්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු සංකීර්ණය, ජපන් මිත්‍රත්ව මාර්ගයට සහ අපේ ගම පරිශ්‍රයට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 9 ක් වූ භූමියක මෙම ජාතික සඳුන් අරණ ඉදිකර තිබේ.

මෙම ප්‍රදේශයේ සංවර්ධන කරමින් පවතින සහ සංවර්ධනය කර ඇති හරිත උද්‍යාන ජාලයේ එක් සංධිස්ථානයක් වන අතර ආර්ථිකමය අතින් ඉහල වටිනාකමක් ඇති භූමියක් මෙවන් හරිත සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගැනීමට ලැබීම ජනතාව ලැබූ භාග්‍යක් ලෙස සැලකිය හැකිය.

පසුගිය වසරේ පළමු වරට කොරෝනා වසංගතයට ගොදුරුව රට වසා තැබුණු ජූලි මාසයේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර මෙම උද්‍යානයේ ඉතා දුර්ලභ, ඖෂධීය වටිනාකමක් ඇති රතු හඳුන් ශාක 300 ක් සහ සුදු හඳුන් ශාක 900 රෝපණය කර ඇත. උද්‍යානයේ ශාකවලට ජලය ලබා දීම සම්පුර්ණයෙන්ම ජල විදුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ. උද්‍යානයේ අලංකාර, සෞම්‍ය ආලෝකකරණයක් ස්ථාපිත කර ඇති අතර එය උද්‍යානයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වඩාත් කැපී පෙනීම සඳහා භාවිතා කර ඇත.

මෙහි විශාල ජල පොකුණු 2 කින් සහ දිය දහරා ඇදහැලෙන පවුරු වලින් සමන්විත ප්‍රධාන පීඨිකාවක් සහ කවාකාරව පිහිටි නොගැඹුරු පොකුණු 12 ක් ඉදිකර ඇති අතර මෙම ප්‍රධාන පීඨිකාව ඉදිරියේදී විවිධ වූ සංස්කෘතික උත්සව, සංගීත සංදර්ශන, නාට්‍ය සංදර්ශන සහ යෝගා භාවනා ආදී වූ කටයුතු සඳහා මහජනතාවට භාවිත කිරීමේ හැකියාව පවතී.

සඳුන් උයන ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 294 ක පිරිවැයක් දරා ඇත. ව්‍යාපෘතියේ සැලසුම් හා නිර්මාණ කටයුතු හා ව්‍යාපෘති කළමනාකරණය නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශයේ සහකාර අධ්‍යක්ෂ කෝසලා තෙන්නකෝන් මහත්මිය විසින් සිදුකර ඇති අතර ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි. උද්‍යානයේ ශාක රෝපණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ඉතා ඉහල දායකත්වයක් ලබා දී ඇත.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා,

“පසුගිය කාලයේ අපි මේ රටේ යළිත් මේ සංවර්ධන ක්‍රියාවලියට විශාල දායකත්වය දෙන කාර්ය කටයුතු රාශියක් සිදු කළා. ඒ අතර මේ ජාතික සඳුන් අරණ ව්‍යාපෘතියත් අපට ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් වනවා. අපි පරිසරය ගැන හැමදාම කතා කළාට පරිසරය ගැන රජය සිදු කරන වැඩකොටස බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අද ලංකාවේ ඉතාමත් වටිනාකමින් යුත් ශාක 1200 ක් පැල කරපු ඉතාමත් සුන්දර උයන විවෘත කිරීමේ කාර්යයට තමයි අපි සහභාගී වෙන්නේ. ජාතික සඳුන් අරණ සම්පූර්ණයෙන්ම වාගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව සිදු වූ දෙයක්. අපට මේ කාර්ය සිදු කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් ලැබුණා. මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මේ සඳහා දායක වූ නිලධාරීන් සියළු දෙනා ඉතාමත් කැපවීමෙන් මෙම ව්‍යාපෘති සාර්ථක කර ගන්නට කැපවුණා.

මෙයට වසර 10 කට පමණ පෙර යුද්ධය අවසන් උනාට පසුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ඇති වූ නාගරික සංවර්ධනයේ පුනරුදය ගැන. අපට මේ රටේ විශාල වෙනසක් දකින්න ලැබුණා. විශේෂයෙන්ම කොළඹ පමණක් නෙමෙයි රට පුරා අලුතින් ව්‍යාපෘති එකින් එක ආරම්භ වෙන්න පටන් ගත්තා. ලන්දේසි රෝහල, රේස් කෝස්, ආකේඩ්, දියත උයන සහ පාවෙන වෙළෙඳසැල් වැනි ව්‍යාපෘති ගණනාවක් එකක් පසුපස එකක් ආරම්භ වෙමින් කොළඹ නගරයේ විශාල පෙරළියක් ඇතිකළා. විශේෂයෙන්ම කොටුව ප්‍රදේශය පැරණි නගරයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල එම වෙලාවේ ආරම්භ වෙලා තිබුණා. නමුත් අවාසනාවකට වගේ මේ ඇති වූ පුනරුදය 2015-2019 කාලයේ නැතිවෙලා ගියා. අපි ඒවා ගැන කතා කරන්නේ නැහැ. අලුතින් යමක් සිද්ද උනෙත් නැහැ. නමුත් 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා උනාට පසුව 2020 මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති උනාට පස්සේ අපි නැවතත් එදා ඒ තිබිච්ච යුගය ආරම්භ කරලා තිබෙනවා. අපි නොනවත්වාම සංවර්ධන කටයුතු සිදු කරන අතරේ විශේෂයෙන්ම නගර අලංකරණය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකර තිබෙනවා.

පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, හරිත උද්‍යාන, විශේෂයෙන්ම නාගරික උද්‍යාන සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර තිබෙනවා. එහි එක් පියවරක් තමයි අද අපි ජාතියට උරුම කරන මේ සඳුන් අරණ. අපි කරන සංවර්ධන කටයුතු නගර අලංකරණයට සීමා වෙලා නැහැ. නගර අලංකරණයෙන් එහාට ගිහින් නාගරික සංවර්ධන අධිකාරිය ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු පසුගිය වසර එකහමාර තුළ විශාල සංවර්ධන කටයුතු රාශියක් කර තිබෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන් අපට කතා කරන්න පුළුවන් නිවාස සංවර්ධනය, නගර සංවර්ධනය, පූජා භූමි සංවර්ධනය ඒ වගේම ඇවිදින මංතීරු ඉදිකිරීම, නගර අලංකරණය ආදී සෑම ක්‍ෂෙත්‍රයකම විශාල වැඩ කොටසක් සිදු වෙමින් පවතිනවා. මමත් මගේ නිලධාරිනුත් සතියේ දවස් හතම රටේ කොහේ හෝ ව්‍යාපෘති පටන් ගන්නවා, එක්කො අවසන් කරනවා, නිරීක්ෂණ කටයුතු සිදු කරනවා. මම හිතන්නේ අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මෙන්න මේ කාරණය තමයි.

කොරෝනා ප්‍රශ්නය නිසා අපට මොනතරම් අර්බුධ තිබුණත් අපි අනාගතය වෙනුවෙන් කරන්නා වූ ආයෝජන අපට නතර කරන්න බැහැ. මොකද ඕනෑම වසංගතයකට තිබෙන වයස සීමිතයි. සමහර විට එය වසරක්, දෙකක් හෝ තුනක් විය හැකියි. යම් කිසි කාලයකට පසු ඕනෑම වසංගතයක් අවසන් වෙනවා. නමුත් අපි රට, ජීවිතය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා රටේ සංවර්ධනය වෙනුවෙන් අප කරන්නා වූ සියළුම කටයුතු අඛණ්ඩව සිදු කිරීම තමයි අපේ අභිප්‍රාය. ඒ නිසා මම විශ්වාස කරනවා අද අපේ අමාත්‍යාංශය පමණක් නෙමෙයි අපේ කැබිනට් මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරු මේ සියළු දෙනාම තමුන්ගේ උපරිම කැපවීමෙන් රට වෙනුවෙන් වැඩ කරන්නේ මෙන්න මේ කාරණය නිසා අපි අනාගතයට සූදානම් වෙමින් ඉන්නවා. මම හිතන්නේ තව නොබෝ දිනකින් මේ රට නැවතත් යථා තත්වයට පැමිණෙනවා. විශේෂයෙන්ම මේ එන්නත්කරණය සාර්ථකව අවසන් කළාට පසුව රට ඉදිරියට ගෙනයාමේ වගකීම මේ අමාත්‍යවරුන්ට පමණක් නෙමෙයි මේ රටේ සියලුම දෙනාට තිබෙනවා. අපි සියළු දෙනාම පැමිණිලි කර කර ඉන්නේ නැතිව, වැරදි හොය හොය ඉන්නේ නැතිව මේ අර්බුදයෙන් ගොඩ එන්නට එකතු විය යුතුයි. ජාතියක් වශයෙන් එකතු උනොත් අපට නැගිටින්න බැරිකමක් නැහැ. අන්න ඒ කාරණය සඳහා තමුන්නාන්සේලා සියළු දෙනාම කැපවීමෙන් එකතු වන බව විශ්වාස යැයි පැවසීය.

lankacnews

No comments

Ads Place