Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඇරඹේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ මෘත ශරීරය පිළිබඳ...


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ මෘත ශරීරය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශීක්ෂණ රෝහලේදී අද ආරම්භ වුණා.


අධිකරණ නියෝග මත හැටන් ඩයගම වත්තේ පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මෘත ශරීරය ඊයේ දිනයේ ගොඩගැනීමෙන් අනතුරුව පේරාදෙණිය ශීක්ෂණ රෝහල වෙත එනු ලැබුවා.


මේ අතර පිලිස්සී මියගිය දැරියට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් හැටන් දික්ඔය වතු යායේ වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, එම වතුයායේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිටදීයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවටද වතු කම්කරුවන් එහිදී සඳහන් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

nethnews

No comments

Ads Place