Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගේ වැටුප මෙන් හතළිස් ගුණයක් පඩිගත් ලොක්කා ඉවතට…

  රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ...

 


රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ඉවත් කරනු ලැබීය.

වාර්තා වූ ආකාරයට රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක අනුබද්ධ සමාගම් දෙකකින් මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබේ. මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද දැඩි ලෙස රජයෙන් ප්‍රශ්න කර තිබිණි.

එලෙස ඉවත්කරන ලද සභාපතිවරයා වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ධුරයට පත්කොට ඇත්තේද එම විෂයභාර අමාත්‍යවරයාගේ දැඩි විරෝධය මැදය. කලින් මසකට රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් හා දීමනා ප්‍රමාණය නව තනතුර ලැබීමෙන් පසු රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව රජයේ ආරංචි මාර්ග කියයි.

ඔහු රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් ලබද්දී රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා මසකට ලබන වැටුප රැපියල් 97,500කි.

lankacnews

No comments

Ads Place