ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිත කරමින් එම පක්ෂයේ නමට සමාන නමකින් යුත් වෙනත් පක්ෂයක් කුමාර වෙල්ගම මහතා විසින් ලියාපදිංචි කරනු ලැබීමට විර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිත කරමින් එම පක්ෂයේ නමට සමාන නමකින් යුත් වෙනත් පක්ෂයක් කුමාර වෙල්ගම මහතා විසින් ලියාපදිංචි කරනු ලැබීමට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් අද (ජූලි 07) දින මැතිවරණ කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ එලෙස විරෝධතාව ඉදිරිපත් කර ඇති නිදහස් පක්ෂ ලේකම්වරයා මාධ්‍ය අමතමින් සඳහන් කළේ, සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා ඇති වෙල්ගම මහතා වෙනත් පක්ෂයක් සෑදීමට දරන උත්සහය ඉදිරියේදී විශාල අර්බුදයක් ගොඩනගන බවය.
මේ අයුරින් වෙනත් පක්ෂ නිර්මාණය කරන්නට දරන උත්සහය තුළින් සන්ධාන සියල්ල විනාශ විය හැකි බව ද ඔහු පැවසීය.
තව ද දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධව ග්‍රාමීය වශයෙන් දැනුවත් කිරීම සඳහා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධව මැතිවරණ කාර්යාලය අසලදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, කුමාර වෙල්ගම මහතා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හෙයින් වෙනත් පක්ෂ පිහිටුවීම සමගි ජන බලවේගයේ ජන්ද දායකයින්ට කරන අසාධාරණයක් බවය. තමන් මෙම පෙත්සම ඉදිරිපත් කළේ ඔවුන් වෙනුවෙන් බව ද ඔහු පැවසීය.
noizetv
No comments