Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් ආරම්භය ගැන යළි ඉඟියක්

 සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පියවරෙන් පියවර හැකිතාක් ඉක්මණින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් පවසන...


 සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පියවරෙන් පියවර හැකිතාක් ඉක්මණින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් පවසනවා.


එහි මූලික පියවරක් වශයෙන් ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමෙන් අනතුරුව අගෝස්තු මාසයේදී පාසල් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.


පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සදහා කොරෝනා මර්දන එන්නත ලබාදිම අද නිල වශයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මේ බව සදහන් කළා.


කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සදහා ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන හෙට දිනයෙන් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

nethnews

No comments

Ads Place