Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් ජය ගැනීමට සමූපකාරයේ කාර්ය ජනාධිපති කියයි..

  ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි. ගොවි නිෂ්පාදන ස...

 


ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකිය.

එමඟින් විවෘත ආර්ථිකය සමඟ කඩා වැටුණු සමූපකාර ව්‍යාපාරය නඟා සිටුවීමටත් ආපදා අවස්ථාවකදී විශාල සමාජයීය කාර්ය භාරයක් ඉටු කිරීමටත් හැකියාව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා ‍දුන්නේය.

ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. ඒ නිමිත්තෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “99වන ජාත්‍යන්තර සමූපකාර දින” සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ලෝකයේ රටවල් රැසක නිෂ්පාදන බෙදාහැරීමේ ජනහිතකාමී යාන්ත්‍රණයක් ලෙස සමූපකාරය ක්‍රියාකරයි. පොදු ජන හිතකාමී ආණ්ඩුවක් පැවති සෑම අවස්ථාවකදීම මෙරට සමූපකාර ව්‍යාපාරය ද ශක්තිමත්ව පැවතිණ. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්ම තුළ සමූපකාරය ශක්තිමත් කිරීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ නව වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පැවසීය.

රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අමාත්‍යවරු උත්සව සභාව අමතමින් දීර්ඝ කාලයක සිට ග්‍රාමීය සහ නාගරික ජනතාව වෙනුවෙන් සමූපකාර ව්‍යාපාරය කළ මෙහෙවර ඇගයීමට ලක් කළහ.

විවිධ සේවා, නිෂ්පාදන, සණස සහ ආයතනික සණස සමිති අතර කාර්යසාධන ඇගයීමෙන් ඉහළම ලකුණු අත්කරගත් සමූපකාර සමිති 21ක් වෙත රන් සම්මාන ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

පළාත් ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

lankacnews

No comments

Ads Place