Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුෂණය තහවුරුයි.. නිවසේ මියගිය දැරිය ගැන බදියුදීන්ගෙන් කට උත්තර ගනී..

  හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන මියගිය දැරියගේ අබිරහස් මරණය සහ ඇය ලිංගික අතවරයකට ලක්වී ...


 හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන මියගිය දැරියගේ අබිරහස් මරණය සහ ඇය ලිංගික අතවරයකට ලක්වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බොරැල්ල පොලිසිය හිටපු ඇමැතිවරයාගෙන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප‍්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.

සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගෙන සියදිවි හානි කරගත් දැරිය කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වී සිටි බව මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබිණි. එම අතවරයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද බදුර්දීන් මහතාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බවද බොරැල්ල පොලිසිය පවසයි.

හිටපු ඇමැතිවරයාගේ නිවසේ සේවය කරන මෙහෙකරුවාගෙන් පැය හයකට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට බොරැුල්ල පොලිසිය පෙරේදා (17 දා) කටයුතු කර තිබිණි.

එමෙන්ම බදුර්දීන් මහතාගේ මවගෙන් සහ පියාගෙන් ඊයේ (18 දා) ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගත් අතර හිටපු ඇමැතිවරයාගෙන් බිරිඳගෙන් අද දින (19 දා) ප‍්‍රශ්න කිරීමට නියමිතය. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු ඇමැතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර වෛi උපදෙස් මත ඒ මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

මෙම දැරිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඇය හැටන් ප‍්‍රදේශයේ වතු නිවාසයක පදිංචිකාරියක වන අතර බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇත්තේ ඇයට අවුරුදු 15 මාස 11ක කාල සීමාවේදී බව හෙළිවී ඇත.

මේ අතර මෙම දැරියට මාස 8කින් සිය නිවසට යෑමට ලැබී නොමැති බවද හෙළිවී තිබේ. ඇයට මසකට රුපියල් විසිදහසක වැටුපක් ගෙවා ඇති බවද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

lankacnews

No comments

Ads Place