Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ජූලි මාසයේ සිට විවෘත කිරීමට සැලසුම් කරන පාසල් මෙන්න!

  සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ආරම්භක පියවරක් ලෙස ළමුන් 100ට අඩු පාසල් ජූලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලස...

 


සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ආරම්භක පියවරක් ලෙස ළමුන් 100ට අඩු පාසල් ජූලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.


අද (ජූලි 2) මාධ්‍ය හමුවකදී පැවති අමාත්‍යවරයා සඳහන් කළේ, ඊයේ (ජූලි 1) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණු බවය. 


එහිදී පාසල් දිගින් දිගට ම වසා තැබිය නොහැකි බවත් පාසල් විවෘත කිරීමට පියවරෙන් පියවර ප්‍රයෝගිය සැලැස්මක් සැකසිය යුතු බවත් එහිදී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පැවසීය.


ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව මේ මාසයේ දී පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය උත්සාහ දරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.


අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන් සංඛ්‍යාව 50ට අඩු පාසල් 1,439ක් සහ සිසුන් 51-100ත් අතර පාසල් 1,523ක් වශයෙන් සිසුන් සංඛ්‍යාව 100ට අඩු පාසල් රට තුළ 2,962ක් තිබෙන බවය.


මේ අතර, ඊයේ පැවති සාකච්ඡාවේ දී පාසල් ගුරුවරුන් සඳහා ලබන සතියේ සිට කොවිඩ් එන්නත් ලබා දීම ආරම්භ කිරීම ජනාධිපතිවරයා අනුමත කළ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

noizetv

No comments

Ads Place