Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් වසංගතයට මුහුණදීම අතින් දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්!

  නාමල් රාජපක්ෂ ඇමතිවරයා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 05 කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින...

 


නාමල් රාජපක්ෂ ඇමතිවරයා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 05 කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් පවසා සිටියේ කොවිඩ් වසංගතයට මුහුණදීම අතින් හා වසංගතය මර්දනය කිරීම අතින් දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවයි.


නාමල් රාජපක්ෂ මහතාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී මෙම වැඩසටහන ඇරඹුණු අතර සංචාරක හෝටල්වල සේවය කරන පුද්ගලයන් 500 කට සහ සංචාරක මාර්ගෝපදේශකයන්, සංචාරක රියදුරන්, සෆාරි රියදුරන් ඇතුලු ක්ෂේත්‍රයේ නිරත සේවකයන් 150 කට පමණ මධ්‍යස්ථාන හතරකදී එන්නත් ලබාදීම එහිදී සිදු කර තිබෙනවා.


‍ජෛව ආරක්ෂණ බුබුළු ක්‍රමය හරහා සංචාරයක් ගෙන්වීම සිදුකළ දකුණු ආසියාවේ පළමු රට බවට පත්වීමට හැකි වූ බවද , එපමණක් නොව LPL තරගාවලිය පවා ඉතා සාර්ථකව පැවැත්වූ බවත්, මේ වනවිට දකුණු ආසියානු රටවල් රැසක් ශ්‍රී ලංකාව ආදර්ශයට ගනිමින් සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා තරග ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

noizetv

No comments

Ads Place