Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ පිරිස මුලතිවුවල සතුටින් නිරෝධානයේ.. ‘ස්ටාලින්ට ඇදුම් ගෙනිච්චා’ කියන නිසා අරන් ගියේ නෑ..

  උද්ඝෝෂණ සහ විරෝධතා වල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම නතර කරන්නේ නැති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් ...

 


උද්ඝෝෂණ සහ විරෝධතා වල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම නතර කරන්නේ නැති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

නිරෝධායන පනත අනුව නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිට කරන ලද නියෝගයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන බව ද ඔහු පැවසීය.

මහජනතාව විශාල වශයෙන් එක්වන උද්ඝෝෂණ විරෝධතා හේතු නිසා කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරී යන වනු ඇති බවත් එනිසා ඒවා නතර කිරීමට වහා පියවර ගන්නා ලෙසත් පොලිස්පතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

එසේ අත්අඩංගුවට ගන්නා ඇතැම් පිරිස් වලට අධිකරණයෙන් ඇප හිමි වුවද නිරෝධායනය සඳහා යැවීම හෝ නොවීම තීරණය කරනු ලබන්නේ පොලිසිය විසින් නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවද ඔහු තවදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව හෙළි කළේය.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස මේ වන විට මුලතිවුහි නිරෝධායන මධ්‍යස්ථානයක රදවා සතුටින් සිටින බවත් ඔවුනට ඇදුම් පැලදුම් ලබා ගැනීමට තමන් මැදිහත් නොවුනේ ‘ස්ටාලින්ට ඇදුම අරන් ගියා’ යයි තමනට විවේචන එල්ල වන නිසා බවද තව දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place