Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඟට දැනෙන සංවර්ධනයක් වෙන්නේ ඉදිරි වසර තුනේදීයි..

  ගෝලීය කොරොනා අර්බුදයෙන් ශ්‍රී ලංකාවත් බැට කමින් සිටියාට සංවර්ධනය මොනම හේතුවක් නිසාවත් නතර උනේ නැහැ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය...

 


ගෝලීය කොරොනා අර්බුදයෙන් ශ්‍රී ලංකාවත් බැට කමින් සිටියාට සංවර්ධනය මොනම හේතුවක් නිසාවත් නතර උනේ නැහැ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අපි පොරොන්දු වූ සංවර්ධන ක්‍රියාවලිය ජනාධිපතිතුමා බලයට පත් වූ දා සිට අදවන තුරු අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා. නමුත් අවාසනාවකට මාධ්‍යවලින් ඒවාට නිසි ප්‍රචාරය ලැබුණේ නැහැ. මාධ්‍යවලින් ප්‍රචාරය ලැබුනේ විශේෂයෙන් කොරොනා ගැටලුවට සහ ඍණාත්මක ප්‍රවෘත්තිවලට. ඍණාත්මක ප්‍රවෘත්තිවලට ජනතාව අතර ආකර්ෂණයක් තිබෙන බවට මාධ්‍ය විශ්වාස කරන නිසා වන්නට ඇති යැයි නාගරික සංවර්ධන, අපදද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, පූඩළුඔය සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම අවස්ථාවට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, එම්. රාමේෂ්වරන් යන මැති ඇමතිවරුන්, ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සභාවට අයුත් පූඩළුඔය නගරය, පොදු පහසුකම් සංවර්ධනය ඉතා අවම මට්ටමක පවතින, කලක පටන් විධිමත් සංවර්ධනයකට ලක් නොවූ නගරයක් වූ බැවින්, අවිධිමත් අයුරින් වෙළෙඳාම් කරනු ලබන අක්කරයක පමණ වූ පොළ භූමිය තුළ සතිපොළ සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇත. අද දින ඉදිකිරීම් ආරම්භවන මෙම සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය මාස 9 ක් තුළ වැඩ අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරය විසින් රු.මි. 70.22 ක මුදලක් වෙන් කර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

2015 ආරම්භ කිරීමට තිබූ, යහපාලන රජය විසින් වසර 5 ක් ප්‍රමාද කළ පූඩලුඔය පොළ සංවර්ධන ව්‍යාපෘතිය අපි අද ආරම්භ කරනවා. ඒ වගේම අපි ආරම්භ කල දැයක් නගන සියක් නගර වැඩසටහන යටතේ අපි අනිවාර්යයෙන්ම දියුණු කරන නගරයක් යටතට පූඩලු ඔය නගරයත් අයත් වෙනවා. අපි මේ වෙලාවේ යම් ආකාරයක දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කරමින් ඉන්නේ. සමහර අය මෙය අපට ගොඩඑන්න බැරි දුෂ්කර කාලපරිච්ඡේදයක් කියලා වරදවා වටහාගෙන තිබෙනවා. ඇත්තම කියනවා නම් තමුන්නාන්සේලා සියළු දෙනාමට මතක ඇති අපි 2005 – 2014 කාලයේ අපට මෙයට වඩා බොහෝ ගැටළුවලට මුහුණ පෑමට සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එනවිට මෙයට වඩා බරපතල ආර්ථික අර්බුදයක් වගේම යුද්ධයක් තිබුණා. ලෝක අර්බුධ රාශියකටත් අපට ඒ අවස්ථාවේදී මුහුණපෑමට සිදුවුණා. නමුත් ඒ සියළු අභියෝග ජයගන්නා ගමන් අපට පුළුවන් උනා සංවර්ධනයත් ඒ අයුරින්ම සිදුකරන්න.

යුද්ධය තිබුණා කියලා, මුදල් නැහැ කියලා කවදාවත් සංවර්ධන කටයුතු නතර උනේ නැහැ. එදා අධිවේගී මාර්ග, ගුවන්තොටුපල, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා, ජාත්‍යන්තර ක්‍රීඩාංගන, තාප බලාගාර, වාරිව්‍යාපෘති ආදී සෑම ක්‍ෂෙත්‍රයකම සංවර්ධනය සිදු කෙරුණා. මුළු රටපුරාම මී වදයක් වගේ වැඩබිමක් වෙලා තිබුණා. යුද්ධය එක් පැත්තකින් ගියා. නමුත් සංවර්ධනය නොනැවතී ඉදිරියට ගියා. අන්න ඒ වගේ තමයි වර්තමානයෙත් මේ ගෝලීය කොරොනා අර්බුධයෙන් ශ්‍රී ලංකාවත් බැට කමින් සිටියාට සංවර්ධනය මොනම හේතුවක් නිසාවත් නතර උනේ නැහැ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය මගින් අපි පොරොන්දු වූ සංවර්ධන ක්‍රියාවලිය ජනාධිපතිතුමා බලයට පත් වූ දා සිට අදවන තුරු අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා. නමුත් අවාසනාවකට මාධ්‍යවලින් ඒවාට නිසි ප්‍රචාරය ලැබුණේ නැහැ. මාධ්‍යවලින් ප්‍රචාරය ලැබුනේ විශේෂයෙන් කොරොනා ගැටලුවට සහ ඍණාත්මක ප්‍රවෘත්තිවලට. ඍණාත්මක ප්‍රවෘත්තිවලට මිනිසුන් අතර පොඩි ආකර්ෂණයක් තිබෙන බවට මාධ්‍ය විශ්වාස කරන නිසා වන්නට ඇති.

නමුත් අපි සිදු කළ ධනාත්මක වැඩ කොටස සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබූනු නිසා රජයට එක් ආකාරයකට සාධාරණත්වයක් ඉටු වුණේ නැහැ. නමුත් රජය පැත්තෙන් බැලුවහම අති විශාල සංවර්ධනයක් ව්‍යාපෘති ප්‍රමාණයක් මේ කාලය තුළ ආරම්භ වෙලා තිබෙනවා. අධිවේගී මාර්ග, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ගොඩනැගෙමින් තිබෙනවා. පාලම් දස දහසක්, වැව් අමුණු දාහතර දහසක්, නිවාස ලක්ෂ 3 ක් ආදී වශයෙන් එම වැඩපිළිවෙල අපි සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙම වැඩපිළිවෙලට අලුතින් එකතු වූ ව්‍යාපෘතිය තමයි සියක් නගර වැඩසටහන. මේ රටේ දුෂ්කර ප්‍රදේශවල, සමහර වෙලාවට අවධානයට යොමු නොවන නගර තෝරාගෙන සැලසුම් සහගත ආකාරයට ඒවාට සංවර්ධන ව්‍යාපෘති සකස් කරලා, ඒවායේ ප්‍රධාන වැඩ කොටසක් මේ වසර තුළ නිම කිරීම සඳහා මිලියන 2000 ක මුදල් භාණ්ඩාගාරයෙන් වෙන් කරලා අපි මේ සියක් නගර වැඩසටහන ආරම්භ කළේ. සියක් නගර කියලා කිව්වට එය ඉක්මවා යන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. බොහෝ දෙනා මේ ගැන සතුටට පත්වෙලා තමන්ගේ නගරයත් සියක් නගර වැඩසටහන යටතේ සංවර්ධනය කර දෙන්න කියා ඉල්ලා සිටිනවා. අපි ඉදිරියේදී ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර මෙම නගර ප්‍රමාණය තවදුරටත් වැඩිකරන්න බලාපොරොත්තු වෙනවා. මොකද රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා මේ රටේ සංවර්ධනයේ කොටස්කරුවෙක් වෙන්න. එය ප්‍රධානපෙලේ නගරවලට පමණක් සීමා විය යුතු නැහැ. ප්‍රධාන දිස්ත්‍රික්ක කියලා දෙයක් තියෙන්න බැහැ. මුලු රටම එක හා සමානව සලකා අපි සෑම ප්‍රදේශයක්ම දියුණු කළ යුතුයි. සෑම ප්‍රදේශයකම ජනතාවට එක හා සමානව සැලකිය යුතුයි. ඔවුනට අවශ්‍ය කරන ගෞරවය ඒ ආකාරයෙන්ම ලබාදිය යුතුයි. එය තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. අපේ ජනාධිපතිතුමාගේ තේමාව උනේ පළදායී පුරවැසියෙක්. සතුටින් ජීවත්වන පවුලක්. ගුණගරුක, නීතිගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් කියන එක. අන්න ඒ සෞභාග්‍යමත් දේශය කරා ගෙනයන්නට අප උත්සාහ කරනකොට සෑම පුරවැසියෙකුටම පුරවැසියන්ගේ අයිතිය ලබාදිය යුතුයි.

අතිශ්‍ය දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවක් මේ වතුකරයේ ජීවත් වෙනවා. වතුකරයේ ජීවත්උනා කියලා ඔවුන් මේ රටේ දෙවෙනි පුරවැසියෝ වෙන්නේ නැහැ මොනම හේතුවකටවත්. මේ රටේ පළවෙනි පුරවැසියෝ දෙවෙනි පුරවැසියෝ කියලා ජාතිකයක් නැහැ. ශ්‍රී ලංකා භූමිය තුළ උප්පත්තිය ලැබූ සෑම පුරවැසියෙකුමට මේ රට අයිතියි. ඒ සඳහා ජාති, ආගම් බේද කිසිවක් නැහැ. ඔවුන් සියළු දෙනාමට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම අයිතිවාසිකම් ලබාදී තිබෙනවා. ඒ නිසා අපි ඒ සියළු දෙනාටම එකහා සැලකිය යුතුයි. රජයක් වශයෙන් අපි එය සිදු කරනවා.

මේ දිනවල විශාල ආන්දෝලනයකට ලක්ව තිබෙන දැරිය පිළිබඳ ප්‍රශ්නය, අවුරුදු 15 ක දැරියක් ප්‍රබල දේශපාලනඥයෙකුගේ නිවසේදී දූෂණයට ලක්වෙලා ගිනිගෙන මිය යනවා. මොන තරාතිරමක සිටි පුද්ගලයෙකුගේ නිවසේ සිදු උවත් අපට එය පිළිගන්නට බැහැ. අපි එය හෙලාදැකිය යුතුයි. එයට විරුද්ධව නීතිමය වශයෙන් කළහැකි උපරිම කටයුතු සිදුකළ යුතුයි. මෙය එක සිද්ධියකින්, එක් කාරණයකින් නතර වන්නට බැහැ. මුළු රටපුරාම දහස් ගණන් දරු දැරියෝ මේ වගේ අපයෝජනයට ලක්වෙනවා. මේ වගේ මෙහෙකාරකම් කරනවා. මේ සියල්ල වෙනස් කරන්නට අප සියලු දෙනාම එකතු විය යුතු යුගය දැන් ඇවිල්ලා තිබෙනවා. එය අප සියළු දෙනාගේම වගකීමයි. දේශපාලන බලපුළුවම්කාරකම්වලට මුවා වෙලා මේවා වසාගැනීමට ඉඩ නොදී ඒවාට නීතිය ක්‍රියාත්මක කරන ගමන් මුළු රට පුරාම දරුදැරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් හඬක් නගන යුගයක් අපි ඇතිකළ යුතුයි.

ගරු අග්‍රාමාත්‍යතුමා කැබිනට් අමාත්‍යධූරය දරණ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වශයෙන් සැමටම අවශ්‍ය සංවර්ධනය ඇති කිරීම සඳහා අපි සම්පූර්ණයෙන් කැපවෙලා සිටිනවා. අපි සෑම ප්‍රධාන, උප නගරයකටම නගර සැලසුම් සකස්කර අවසානයි. ඊ ළඟට තිබෙන්නේ විධිමත් ආකාරයට මුදල් අනුමත කරගෙන පියවරෙන් පියවර සංවර්ධනය කරගෙන යාමයි. අපි විශ්වාස කරනවා ඉදිරි වසර 3 තුළ ඇහැට පෙනෙන, ඇඟට දැනෙන සංවර්ධනයක් මේ ප්‍රදේශයේ එම සැලසුම් යටතේ සිදු වේවි කියා. අපි මුල්ගල තියලා නතර වෙන්නේ නැහැ මාස 9 ක් වැනි කෙටි කාලයක් තුළ මේ සියල්ල අවසන් කරලා තමුන්නාන්සේලාට බාර දෙනවා යැයි පැවසීය.

lankacnews

No comments

Ads Place