Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පත්තරේ තිබූ කාන්තා හුටපටයක් කියෙවුවා කියා භාවනායෝගී හිමිනමක් සංඛ අමරජිත්ට බැන වදී..

  ‘බවුන් වඩමින් සිටි බිරිඳ රැගෙන යෑමට ආ සැමියාට හිමිවරුන්ගෙන් ප්‍රහාරයක්’ මැයෙන් පළවූ පුවතක් දෙරණ රූපවාහිනි නාළිකාවේ ‘දෙරණ අරුණ’ වැඩසටහනින් ...

 


‘බවුන් වඩමින් සිටි බිරිඳ රැගෙන යෑමට ආ සැමියාට හිමිවරුන්ගෙන් ප්‍රහාරයක්’ මැයෙන් පළවූ පුවතක් දෙරණ රූපවාහිනි නාළිකාවේ ‘දෙරණ අරුණ’ වැඩසටහනින් ප්‍රකාශ කළැයි මාධ්‍යවේදී නීතිඥ සංඛ අමරජිත්ට අහංගම, තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා අසපුවේ නායක හිමි බව කියන තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් තර්ජනය කර ඇත.

ඊයේ (30 වැනිදා) උදෑසන දෙරණ අරුණ වැඩසටහන නිමාවූ පසු ජංගම දුරකථන අංක දෙකකින් කතා කර තමන් ආනන්දසිරි හිමියන් බව කියමින් සංඛ අමරජිත්ට තර්ජනය කර ‘කන්න හදන්න එපා’ යනුවෙන් බැණවැදී ඇත.

‘ඔයා ඉන්නේ පත්තරවල පච කෙළින්නද’ අසමින් සංඛ අමරජිත් වෙත දිගින් දිගටම බැණ වදිද්දී ‘ඔබ වහන්සේ හාමුදුරුකෙනෙක් විදියට කතා කරන්නැයි’ මාධ්‍යවේදී සංඛ අමරජිත් පවසා ඇත.

‘නටන්න හදන්න එපා’ යනුවෙන් හිමිනම බැණ වදින්නට වූයෙන් එහිදී තමන් ජංගම දුරකථන ඇමතුම විසන්ධි කළ බව මාධ්‍යවේදී සංඛ අමරජිත් පැවසීය.
මෙම තිත්තගල්ල මෙත් බෝ සෙවණ අසපුවේ සිටින තම බිරිඳ රැගෙන යෑමට පැමිණි මොහොතේ එහි හිමිවරුන් පහරදීම ගැන ක්‍රිෂාන් චතුරංග නමැති අයකු අහංගම පොලිසිය වෙත මෙම 28 වැනිදා පැමිණිලි කර ඇත.

මීට පෙර අහංගම නගරයට එක්වූ ප්‍රදේශවාසීන් කඩ සාප්පු වසාදමා මෙම ආගමික ස්ථානයට එරෙහිව විරෝධතාවක් ද සිදුකරනු ලැබුවේ ප්‍රදේශයේ විහාරස්ථානවල නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නයේ ද සහාය ඇතිවය.

lankacnews

No comments

Ads Place