Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රිය මගීන් වෙනුවන් ලංකාවෙ කොල්ලො හදපු සුපිරිම ඇප්එක මෙන්න!

  ශ්‍රී ලංකා දුම්රිය සේවය ස්වකීය ගමන් සඳහා යොදා ගන්නා ලක්‍ෂ සංඛ්‍යාත මගී ජනතාවට ඉතා සතුටුදායක ආරංචියක් දැනුම්දීමට තිබේ. දුම්රිය මගීන්ගේ නිල ...

 


ශ්‍රී ලංකා දුම්රිය සේවය ස්වකීය ගමන් සඳහා යොදා ගන්නා ලක්‍ෂ සංඛ්‍යාත මගී ජනතාවට ඉතා සතුටුදායක ආරංචියක් දැනුම්දීමට තිබේ. දුම්රිය මගීන්ගේ නිල සමූහය  RDMNS.lk  විසින් ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමන පද්ධතියට අයත් සෑම සිදුවීමක්ම සහ ඔබට දෛනිකව අවශ්‍ය වන සෑම තොරතුරක්ම එසැණින් ඔබ අතට පත්කරන අලුත්ම App එකක් හඳුන්වා දී තිබේ. 


මෙරට දුම්රිය මගීන්ගේ කනස්සල්ලට හේතුවන දුම්රිය ගැටලුවලින් වැඩි ප්‍රමාණයක් එමඟින් නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ Smart  වර්ගයේ ජංගම දුරකථනයක් ඔබ සතුව තිබීම පමණය. අද දින නියමිත දුම්රිය ධාවනය වෙනවාද? එය මේ වනවිට පිටත් වී තිබේද? පිටත් වී තිබේ නම් මේ මොහොතේ ගමන් කරමින් ඇත්තේ මොන ප්‍රදේශයේද? මා සිටින නැවැතුමට දුම්රිය ළඟා වෙන නිශ්චිත වේලාව කුමක්ද? මෙවැනි දහසක් ප්‍රශ්නවලට මෙයින් ඉදිරියට ඔබ පිළිතුරු සොයා ළතැවිල්ලට පත්විය යුතු නැත. දුම්රිය මගීන්ගේ නිල සාමූහිකයේ App එකට සම්බන්ධවීමෙන් ඔබේ සියලුම ප්‍රශ්නවලට එකවර විසඳුම් ලැබේ. 


මුතුකුමාරි දුම්රියෙන් දිනපතා කොළඹට රැකියාව සඳහා පැමිණෙන තරුණයන් කිහිප දෙනකුට පහළ වූ අදහසක් යථාර්ථය බවට පරිවර්තනය වීමෙන් මෙම අපූරු සබඳතා මෙවලම නිර්මාණය වී තිබේ. ඉමල් මීමැඩුම, විරාජ් හර්ෂණ, අමන්ජ සහ ෂෙහාන් නම්වලින් අපි ඔවුන් හඳුනා ගනිමු. ඉමල් සහ විරාජ් මෙසේ අදහස් දැක්වූහ. 


“අපිට මෙවැනි ඇප් එකක් හදන්න අදහස ඇති වුණේ 2015 පමණ. සමාජ ජාලා ඔස්සේ මුහුණුපොතෙන් සම්බන්ධ වූ දුම්රිය මගී මිතුරන්ට මේ අදහස යොමු කිරීම තමයි ප්‍රථමයෙන් සිදු කළේ. අපේ අදහසට ලැබුණු ප්‍රතිචාර අපි මුලින් අපේක්‍ෂා කළාට වඩා බොහෝ විශාල වුණා. අලුත් අදහස් යෝජනා, හැම පැත්තෙන්ම ගලාගෙන ආවා. ඉතාමත් ක්‍රියාශීලී තාක්‍ෂණ දැනුම ඇති තරුණ කණ්ඩායම් අපේ අරමුණ ජය ගන්න උදවු කරන්න ඉදිරියට ආවා. 


විශේෂයෙන් සඳහන් කරන්න ඕන තොරතුරු තාක්‍ෂණයෙන් විශිෂ්ට දැනුමක් ඇති චාමික සහ රෝචන ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා මේ ඇප් එක සහ ඊට අදාළ සියලු උපාංග පරිපථ නිර්මාණය කර දෙන්න. මෙවැනි කටයුත්තක් ගැන පූර්ව අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් අපට තිබුණේ නැහැ. මොකද ලෝකයේ කොහේවත් මෙවැනි දෙයක් නිර්මාණය වී තිබුණේ නැහැ. 


අපි දන්නව යුරෝපා රටවල වගේම චීනය, ජපානය වැනි රටවල මෙට්‍රෝ දුම්රිය, ලයිට් රේල් වැනි දුම්රිය සේවාවන් හි නවීන තාක්‍ෂණය උපයෝගි කරගත් ඉතා දියුණු මගී සන්නිවේදන ක්‍රම භාවිත වෙනවා. ඒ සියල්ල අදාළ ප්‍රවාහන සමාගම් විසින් හෝ රජයයන් විසින් තමයි සිදු කරන්නේ. නමුත් දුම්රිය මගීන් සංවිධානය වී ස්වේච්ඡාවෙන් මෙවැන්නක් සිදු කරන ප්‍රථම අවස්ථාව අපි දන්නා තරමින් අපේ RDMNS තමයි. 


දැනට මෙම ජාලය හා සම්බන්ධ මගීන් සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ඇති බව කියන්න සතුටුයි. එයින් 60,000ක්  RDMNS App එකට සෘජු සම්බන්ධ වූ අය. ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදු බඩ දුම්රිය මාර්ගය, කැලණි වැලි දුම්රිය මාර්ගය සහ පුත්තලම දුම්රිය මාර්ගය යන පද්ධති  සඳහා අප සමඟ වෙන වෙනම මැසෙන්ජර් හරහා සම්බන්ධ වන ස්ථිර මගීන් 250 පමණ බැගින් 1200ක් අප හඳුනාගෙන තිබෙනවා. ඔවුන් හරහා තමයි අපි මේ සේවාව ලබා දෙන්නේ. ඒ අය අතර දුම්රිය මගීන් වගේම දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ වැඩ කරන මහත්වරුන් සෑහෙන ප්‍රමාණයක් සිටිනවා. ඊට අමතරව ඇප් එකේ ප්‍රධාන ඇඩ්මින්ලා 45ක් මේ කටයුතු මෙහෙයවනවා.


අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපට සම්බන්ධ වැඩි පිරිස උදේ සවස කාර්යාල දුම්රියවල කොළඹට එන යන අය. මොනවා හරි පොඩි ප්‍රමාදයක් වුණත් එයාලා අප දැනුවත් කරනවා. ඇප් එකේ තියෙනවා ලයිව් අප්ඩේට් (Live Update) කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒ හරහා ප්‍රමාදයක් වෙනවා නම් අපි දැනුවත් වෙනවා වගේම වහාම මගියාත් දැනුවත් කරනවා. 


උදාහරණයක් වශයෙන් කොළඹ කියන්නේ ලොකු මාර්ග තදබදයක් තියෙන නගරයක්. අපි දුම්රියට වෙලාව තියාගෙන කාර්යාලයේ සිට පාරට බැස්සොත් අපිට ට්‍රැපික් නිසා දුම්රිය ස්ථානයට වෙලාවට යා ගන්න බැරි වෙනවා. එවැනි අවස්ථාවක අපට ඇප් එක හරහා බලාගන්න පුළුවන්. අපි යන දුම්රිය ප්ලැට්ෆෝම් එකට ගහලද අද ප්‍රමාද වී පැමිණෙනවාද කියලා. මේක අපේ කාලය කළමනාකරණය කරගන්න ඉතා ප්‍රයෝජනවත්. අපි පණකඩාගෙන අනතුරුවලට මුහුණ දෙමින් කෝච්චියට දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතනවා මේක පිරිමි අයටත් වඩා කාන්තාවන්ට හරිම ප්‍රයෝජනවත් වේවි. 


අපි දුම්රිය ස්ථානයේ සිටියදී යම් විශේෂ නිවේදන දුම්රිය කාර්යාලයේ නිකුත් කරනවා මගීන්ට ඇහෙනවා. ඒ සෑම නිවේදනයක්ම අපේ ඇප් එක ඔබේ දුරකථනයට ලබා දෙනවා. ගාල්ල, කොළඹ, බදුල්ල ආදී ඔබට අවශ්‍ය කේතය ස්පර්ශ කිරීමෙන් ඔබට විස්තර දැන ගන්න පුළුවන්. 


අපි තමයි ලංකාවේ සයිබර් අවකාශය තුළ ක්‍රියාත්මක වන විශාලම ස්වේච්ඡා සංවිධානය’ අපි RDMNS App  එකට සාමාජිකයෙක් ලියාපදිංචි කරගත්තට පස්සේ ඒ සාමාජිකයාට පුළුවනි ඔහු ගමන් කරන දුම්රිය තෝරා ඇතුළත් කරන්න. එතැන් සිට ඔහුට පුළුවන් වෙනවා ඒ දුම්රිය ගමනාගමනය ගැන සජීවී සම්බන්ධතාවක් තියාගන්න. අම්බලන්ගොඩින් උදේ රුහුණු කුමාරි දුම්රියට නඟින තැනැත්තාට නිවෙසේ සිටම බලා ගන්න පුළුවන් රුහුණ මාතරින් ආවද ගාල්ල පසුකළාද දැන් එන්නේ කොයි හරියේද අම්බලන්ගොඩට හරියටම අල්ලන්නේ කීයටද කියලා. රුහුණ ප්‍රමාද වෙනවා නම් එයා 


කාලසටහන අනුව ඇවිත් ස්ටේෂන් එකේ රස්තියාදු වෙන්න ඕන නැහැ. 


ඊළඟට අපි කැමති RDMNS Live Reader Sistom එක ගැන පැහැදිලි කරන්න. ඔබ ඇප් එකට පිවිසිලා ලයිව් රේඩාර් සිස්ටම් එකට ගියාට පස්සේ  එතනින් ඔබට බලාගන්න පුළුවනි අපේ සහායකවරු නිරන්තරයෙන් ලබා දෙන යාවත්කාලීන තොරතුරු. ඒ අනුව තමයි ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට ඔබේ දුම්රිය ගැන තොරතුරුවලින් ඔබව දැනුවත් වෙන්නේ. අපේ රටේ දුම්රිය මගීන් පැය ගණන් ස්ටේෂන්වල රස්තියාදු වීම මේ ඇප් එක නිසා මින් ඉදිරියට නැති වෙනවා. 


ඇත්තටම මේ ෆේස්බුක් ගෘෘප් එක ආරම්භ කරන අවස්ථාවේ අපි හිතුවේ නැහැ මේ තරම් දුර ගමනක් අපට යන්න පුළුවන් වේවි කියා. මේ වැඩේ ටීම් වර්ක් එකක්. සාමූහික ක්‍රියාදාමයක්. අපි කවුරුවත් මේ වැඩෙන් අපට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ගැන හිතලා නැහැ. අපිට ආත්මාභිමානයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ලක්‍ෂ සංඛ්‍යාත දුම්රිය මගීන් වෙනුවෙන් මෙවැනි සේවාවක් කරන්න හැකිවීම ගැන. දැන් කෙනකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් අපි මේසා විශාල සේවාවක් සිදු කරද්දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් අපට උදවු ලැබෙනවාද කියලා. ඒක මෙහෙමයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් අපට දුම්රිය 


කාලසටහන්, ඒවායේ හදිසි වෙනස්වීම්, හදිසි අමතර දුම්රිය ධාවනය වගේ තොරතුරු අපට ලබා දෙනවා. 


කාලසටහන් වෙනස් කිරීම වැනි කාරණාවලදී දුම්රිය මගීන්ගේ අදහස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූ විට අපි මගීන් දැනුවත් කර ඔවුන්ගේ මතය ලබාගෙන එය දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. මෙහිදී සඳහන් කරන්න සතුටුයි අපේ සාමූහිකයේ ඉල්ලීම්වලට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා උදවු කරනවා. 


මේක ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කළයුතු කාර්යභාරයක්. මේ ගැන කතාකරද්දී ඔවුන් අපට පැහැදිලි කළේ සෑම දුම්රියකටම GPS තාක්‍ෂණය  ලබාදී මෙවැනි ක්‍රමවේදයක් සකස් කිරීමට අවස්ථා ගණනාවකදී යෝජනා වුවත් ලංකාවේ දුම්රිය සේවය පාඩු පිට පවත්වාගෙන යන මහජන සේවාවක් නිසා එම අවස්ථාවන් සෑම විටම ගිලිහී ගිය බවයි. 


දැනට  අච්ර්ව්ඉ ඒර්ථීර්ථී එක ක්‍රියාත්මක වෙන්නේ Data සම්බන්ධතාව උඩ. ඉදිරියේදී අපි අදහස් කරනවා Data නැතිව දුම්රිය කාලසටහන මගීන් අතට පත්කරන්න. අපි තාක්‍ෂණය පැත්තෙන් ඉතා වේගවත් ඉදිරි ගමනක ඉන්නේ. අපි විශ්වාස කරනවා මෙම ඇප් එක හරහා අප ලබාදෙන  සේවාව ඉතා ඉක්මනින් වඩාත් පුළුල් කරන්න හැකිවේවි කියා. 


මේ සමඟම සඳහන් කරන්න ඕන දුම්රිය මගී සාමූහිකය විසින් ස්වේච්ඡා සේවාවන් රාශියක් සිදුකර තිබෙනවා. ඒ අතර ගංවතුරෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා පොත් පත්, ලිපි ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් 2017 වසරේ ක්‍රියාත්මක කළා “Green Island”  නමින් දුම්රිය ස්ථාන අලංකරණය සහ පැළ සිටුවීමේ වැඩසටහනකුත් අපි කරගෙන යනවා.  උතුරු කළුතර දුම්රිය ස්ථානයේ අපි දුම්රිය මගීන් සඳහා පුස්තකාලයක් ආරම්භ කර තිබෙනවා. මගී ආසන පිරිසුදු කර තීන්ත ආලේප කිරීමද අපේ සංවිධානය සිදුකර තිබෙනවා. සියලුම දුම්රිය ස්ථාන එකම දිනක පවිත්‍ර කරන යෝධ වැඩසටහනකට අපි අතගසා සිටිනවා. ඔබට දුම්රියේදී අයිතිකරුවකු නැති පාර්සලයක් හමුවුවහොත්, ඒ වගේම ඔබේ වටිනා දේ දුම්රිය තුළ අමතක වුවහොත් ඔබේ ඥාතියකු දුම්රිය පොළේ බැස ගැනීමට බැරිව අතරමං වුවහොත් වහාම අපේ ඇප් එක හරහා ඔබේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්නට අවස්ථාව තිබෙනවා.” 


මෙම ඉතා වටිනා සේවාවට අතගැසූ විරාජ් හර්ෂණ සහ ඉමල්ක මිවැඩුමටත් ආරම්භයේදී මේ අදහස යථාර්ථයක් කරගැනීමට පිටු බලය සැපයූ අමන්ජ සහ ෂෙහාන්ටත් තාක්‍ෂණික සහාය නොමසුරුව ලබාදුන් චාමික සහ රෝචන දෙදෙනාටත් රේඩාර් වැඩසටහන සකස් කළ හේෂාන්ටත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව තම රැකියාව අතරතුර RDMNS සඳහා කැපවෙන සොයුරු සොයුරියන් සියලු දෙනාටත් ආදර ගෞරවය පිරිනමන බව  RDMNS.lk  පරිපාලකවරු සඳහන් කරති. 

noizetv

No comments

Ads Place