Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අක්‍රමණ ගොදුරෙන් බේරා ගත් දෙවනගල බෝධී ප්‍රකාරයක් විවෘත කරයි…

  ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ සංඝාවාස බිමේ අන්තවාදීන් අල්ලාගත් බිම් කඩෙහි පිහිටා තිබු බෝ රුක්ෂය සඳහා මාස දෙකක් වැනි කෙටි කාලයකදි සකස් ...


 ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ සංඝාවාස බිමේ අන්තවාදීන් අල්ලාගත් බිම් කඩෙහි පිහිටා තිබු බෝ රුක්ෂය සඳහා මාස දෙකක් වැනි කෙටි කාලයකදි සකස් කර අලංකාර බෝධි ප‍්‍රකාරය විවෘත කිරිමේ පුණ්‍ය උත්සවය එම විහාරස්ථානයේදි සිදු කෙරුණේ මහා සංඝරත්නය ඇතුලූ විශාල පිරිසකගේ සහායෙනි.

මෙම විහාරස්ථානය වර්තමානයේ මතභේදයට තුඩු දී ඇති මුහුදු මහ විහාරය, කූරගල, ඇතුලූ ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථාන අතර පවතින ඊටත් වඩා ඉපැරණි විහාරයකි. පසුගිය කාලේ අන්තවාදීන් විසින් මෙහි වු පුරා වස්තු විනාශය ඉඩම් අක‍්‍රමණය ඇතුලූ අනවසර සංවර්ධනයන් සිදු කර අතර පවතින රජය විසින් එයට සෘජුවම මැදිහත් වි දැඩි අක‍්‍රමණයක් පවතින සංඝාවාස බිමෙහි අක්කර 85 ක් මැන අවසන් කෙරුණේ පසුගිය වසරේදිය. එම බිම් කඩෙහි පිහිටා තිබු මෙම බෝධිරුක්ෂය විහාරස්ථානයට අයිති බිම් කඩ තුල පිහිටා තිබුණි.

ඒ අනුව දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමින් වහන්සේ විසින් වර්තමානයේ එහි සිදු කරගෙන යන සංවර්ධන ව්‍යාපෘති කිහිපයේ මුල්ම කටයුත්ත ලෙස එහි අලංකාර බෝධි ප‍්‍රකාරය මෙලෙස විවෘත විය. ඒ සඳහා ප‍්‍රාදේශිය මහා සංඝරත්නය මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෑගල්ල සංවර්ධන කමිටු සභාපති රාජිකා වික‍්‍රමසිංහ මහත්මියද සහභාගි වු අතර රටේ පවතින කොවිඞ් වසංගත තත්වය නිසා සීමිත ජන සභාගිත්වයකින් උත්සවය පැවැත්විය.

මීට වසර එක හමාරකට පමණ පෙර මෙම විහාරස්ථානයේ පවතින ගැටලූව මාධ්‍ය හරහා පෙන්වා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස රටේ ජනාධිපතිවරයාගේ සිට සියලූ බලධාරීන්ගේ අවදානය ඒ වෙත යොමු විය. පැහැති යහපලාන සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ මෙහි වු සියලූ ගැටලූකාරි තත්වයන් උස්සන්න වු අතර එම ගැටලූ නිරාකරණය කර ගැනීමට හෝ විහාරස්ථානයේ හිමි නමක් වැඩ සිටිමට තරම් සුදුසු වාතාරවරණයක් එහි තිබුණේද නැත. ඉපැරණි සඳකඩ පහන ඇතුලූ මෙහි වු පුරාවස්තු රැුසක් එම කාලයේදි විනාශ වි ගිය අතර දෙවනගල විහාරස්ථානයේ භාරකාර හිමියන් ලෙස මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මල්වතු මහා විහාරයේ සංඝ සභාව විසින් පත් කිරිමෙන් අනතුරුව උන්වහන්සේ ජිවීත තර්ජනයන් මැද අවස්ථා කිහිපයදි විවිධ වු තර්ජනයන් ගර්ජනයන් වලදට මුහුණ දෙමින් මෙම ශාසනික උරුමය ආරක්ෂා කර දීම වෙනුවෙන් කටයුතු කල තරුණ හිමිනමකි.

බෝධිප‍්‍රකාරය විවෘත කිරිමේ අවස්ථාවේදි අනුශාසනාවක් සිදු කරමින් දෙවනගල භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ පැවසිය.

මම කියන්න ඔනෑ විශේෂයෙන්ම අද මේ පුදබිම රැුකෙන්නේ අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා මේ වෙනුවෙන් රටට සිදු කරන ලද අනාවරණයේ ප‍්‍රතිඵලයක් ලෙස බව. මේ පුණ්‍යවන්ත පිං බිමේ අක‍්‍රමණ ගොදුරෙන් පැවැති අක්කර 85 ක් මැන අවසන් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය මැදිහත් විමෙන් පළමු මැනුම අවසන් කර ගැනිමට හැකි වුනේ මෙම මාධ්‍ය දක්වන ලද අපරිමිත කැපකිරිම සහ එකින් එක මෙහි සිදු වන සියල්ල ජීවිත අවදානම නොතකා වාර්තා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. 2017 වන වන විට අපි දන්නවා කවුරුත් මේ බෝධීන් වහන්සේ දක්වාම අක‍්‍රමණිකයන් අල්ලා ගෙන ඉඩම් අත්පත් කරගෙන ඊට වැටවල් ගසාගෙන සිටි බව. අපිට ඉතිරි වි තිබුණේ අක්කර සිට දහස් ගණනක් ඇතුරෙන් අපි ඉන්න සංඝාවාසය සහ අක්කරයක් තරම් ඉතා සීමිත ඉඩ කඩක්.

අපිට පෙන මෙම පරිවාර ගල විනාශ කරමින් පුරාවස්තු නසමින් මෙහි තිබු ඉපැරණි නටඹුන් ඉපැරණි ඉතිහාසිය අකා මකා දමන්න කටයුතු කලා. ගල් ඇදි මහ පොළවට යට කරමින් තිබුණු යුගයක මෙහි වැඩ වාසය කරන ලද ලොකු හාමුදුරුවෝ අපවත් විමෙන් පසුව මල්වතු මහා විහාරයේ උත්තරීතර සංඝ සභාව මාව මේ විහාරයේ භාරකාර හිමියන් ලෙස පත් කලා.

මීට වසර කිහිපයකට පෙර කැලෑවෙන් වැසි ගිය මේ පුණ්‍යවන්ත පිං බිම අක‍්‍රමණික ගොදුරෙන් විහාරයට යන්න එන්න පාරක්ව නැතිව වැසි යද්දි තුරුණුවන්ට සහ දෙව් බමුණ්ට පූජා කරන්න අවශ්‍ය පසුබිම නැවත ගොඩ ගන්න අපි 2017 වසරේ සිට වැඩ කලා. අපිට පසුගිය යහපාලන ආණ්ඩු සමයේ බෝහෝ කරදර බාධවන් ඇති වුනා. අපිට මේවා නිරාකරණය කරගන්න අවසාන පුරාවස්තු ටික ආරක්ෂා කරගන්න. අපිට අවශ්‍යතාවය තිබුණත් දේශපාලන බල අධිකාරිය විසින් ඒවා කරන්න ඉඩ දුන්නෙත් නැහැ. මේ ගැන කතා කරන්නවත් අවස්ථාවක් ලබා නොදි මේ ප‍්‍රදේශයේ සිටි ප‍්‍රබල ඇමැතිවරු කබිර් හෂිම් වැනි දේශපාලන අය මීට අත පෙවිම් සිදු කලා.

කබිර් හෂිම් වාගේම අතාවුද සෙනෙවිරත්නලා තමයි මේ පිං බිම මුලින්ම විනාශ කර දැම්මේ කටයුතු ආරම්භ කලේ. අපේ රටේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පත් වුනාට පස්සේ තමයි අපි දැන් මේ තැන් වල නිදහසේ උස්මක් ගන්නේ පිංකමක් කරලා සැනසිල්ලේ අපේ දායකයන් සමග ඉන්නේ. නැතිනම් අපි හිටියේ හරියට යුධ පිටියක් මැද පාන ඇපයට ලක් වු පිරිසක් විදිහටයි.

හැට නව ලක්ෂයක් ජන්දය ලබා දිලා මේ ආණ්ඩුවෙන් සිංහල බෞද්ධ ජනතාව ඉල්ලා සිටි තවත් එක් කාරණයක් වන්නේ මෙවැනි ඉපැරණි උතුම් පිං වන්ත බිම් ආරක්ෂා කර ලෙසයි. ඒ කටයුත්ත අද වන විට එතුමා විසින් සිදු කරනවා. දැනට දෙවනගල පරිවාර ගල පිහිටා ඇති උතුම් පිං බිම ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ සමවත් සුවයෙන් එක් දිනක් වැඩ සිටි දෙවනගල පුදබිම අවට දෙවන මැනිමේ යම් නඩු කටයුත්තක් නිසා නැවති තිබෙනවා ඊට ජනාධිපති අගමැති තුමන් ඇතුලූ රාජ්‍ය මැදිහත් විම සිදු කර ඉක්මනින් එය සිදු කර දෙන ලෙස අප මේ රජයෙන් ඉල්ලා සිටින්නේ. මේ රජයට මේ ගැටලූ අවසන් කිරිමට නොහැකි වුනොත් නැවත වතාවක් අපේ උරුමය විනාශ විම වැඩි ඈතක නොවන බව පෙන්වා දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෑගල්ල සංවර්ධන කමිටු සභාපති රාජිකා වික‍්‍රමසිංහ.

අපිටත් හරි සතුටක් දැනෙනවා අපේ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එතුමාට තිබෙන උනන්දුව නිසා අද වන විට දෙවනගල පමණක් නොව අපේ බොහෝ උරුමයන් ආරක්ෂා විම ගැන. ඒ උරුමය පවතින නිසා තමයි අපිට අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. මගෙත් විශේෂ ස්තුතිය පුද කරනවා සියලූ මාධ්‍ය ආයතන වලට විශේෂයෙන් මේහි ගැටලූ රටට ආනාවරණය කරලා රාජ්‍ය මැදිහත් විම අවදානයට යොමු කරලා කරන ලද යුග මෙහෙවරට. ඉදිරියේදි අපේ රජට යටතේ මෙම විහාරස්ථානයේ සියලූ ගැටලූ විසදා ගත හැකි බව මේ මොහොතේ සතුටින් යුතුව ඔබ සැමට මතක් කරනවා යැයිද පැවසිය.

lankacnews

No comments

Ads Place