Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙද සංගමය වර්ජනයේ.. ළදරු සහ කොරෝනා ඒකකයන්ද වර්ජන.. වෛද්‍යවරුන් සහ රෝගීන් අපහසුතාවට

  හෙද වෘත්තීය සංගම් වල ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට මන්නාරම් රෝහලේ කොවීඩ් ඒකකයේ සහ ළදරු ඒකකයේ හෙද හෙදියන්ද රාජකා...


 හෙද වෘත්තීය සංගම් වල ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට මන්නාරම් රෝහලේ කොවීඩ් ඒකකයේ සහ ළදරු ඒකකයේ හෙද හෙදියන්ද රාජකාරියෙන් ඉවත්වීම හේතුවෙන් වෛද්‍යවරුන් සහ රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

මෙම දීපව්‍යාපත් වර්ජනයේදී ළමා රෝහල් සහ කොවිඞ් රෝහල් සහ ඒකක සම්බන්ධ නොකරගන්නා ලෙසට දැනුම් දී තිබුණද එය නොසලකා හරිමින් මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ හෙදියන් අනිකුත් ඒකක වලට අමතරව කොවිඞ් ඒකකයේ සහ විශේෂ සත්කාර ළදරු ඒකකයේ ද රාජකාරි වලින් වැළකී සිටීමට පියවර ගෙන අත.

මේ නිසා අවදානමට ලක්වූ රෝගීන් අතරේ කොවිඞ් වැළදුණු මාස 8ක් වයසැති දරුවෙකුත් තව නවජන්ම ළදරුවන් ගණනාවකුත් අදාල ඒකකයන්හි සිටියදී මෙලෙස රාජකාරී කටයුතු වලින් ඉවත්ව ඇත.

කෙසේ නමුත්  අඩාල වූ එම හෙද රාජකාරි වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය විසින් දිවා රාත්‍රී කැපවීමෙන් සිදු කිරීමද විශේෂත්වයකි.

lankacnews

No comments

Ads Place