Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යනවානම් යන්නැයි කියයි..

  අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්...

 


අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්ව ගියද එයින් ආණ්ඩුවේ සංයුතියට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කිසිදිනක තම තම පාර්ශවයට නොලැබුණු බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී පමණක් එම සහාය ලැබුණ ද ඔවුන්ගේ සහය වැඩිපුර ලැබුනේ එක්සත් ජාතික පක්ෂයට බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් සහාය පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ගරු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිය මහ මැතිවරණයේදී ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ නිසා බව ද පවසන අමාත්‍යවරයා එසේ නොකළේ නම් ආසන දෙක තුනක් වත් දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමතිනම් ආණ්ඩුව සමග සිටිය හැකි බවත් නැතිනම් ඉවත් යා හැකි බවත් ඊට කිසිවකුගේ බාධාවක් නැති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

lankacnews

No comments

Ads Place