Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිකිනි වෙනුවට කොට කලිසම් ඇන්දාට නෝර්වේ කාන්තා අත්පන්දු කණ්ඩායමට දඩ ගසයි!

  යුරෝපා වෙරළ අත්පන්දු තරගාවලියේදී බිකිනි වෙනුවට කොට කලිසම් ඇඳීමේ වරදට නෝර්වේ කාන්තා අත්පන්දු කණ්ඩායමට යුරෝ 1500ක දඩ නියම කර තිබේ. යුරෝපා අත...

 


යුරෝපා වෙරළ අත්පන්දු තරගාවලියේදී බිකිනි වෙනුවට කොට කලිසම් ඇඳීමේ වරදට නෝර්වේ කාන්තා අත්පන්දු කණ්ඩායමට යුරෝ 1500ක දඩ නියම කර තිබේ.


යුරෝපා අත්පන්දු සම්මේලනය පවසන්නේ, නෝර්වේ කණ්ඩායම නුසුදුසු ඇඳුමක් ඇඳ තරග කිරීම හේතුවෙන් දඩ නියම කළ බවය.


අදාළ තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් නෝර්වේ සහ ස්පාඤ්ඤය අතර බල්ගේරියාවේදී පැවති තරගයේදී නෝර්වේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බිකිනි වෙනුවට කොට කලිසම් ඇඳ සිට ඇත.


මේ අනුව, එක් ක්‍රීඩිකාවකට යුරෝ 150 බැගින් යුරෝ 1500ක දඩ මුදලක් නියම කෙරිණි.

noizetv

No comments

Ads Place