Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් නීති කඩා හෝටලයේ අරක්කු සාදයක.. වහාම තහනමක්.

  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ හෝටලයක නිරෝධායනයට ලක් කර සිටියදී විනය විරෝධීව හැසිරුනු ‍ක‍්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකටත් ඔවුන් භාරව සිට...

 


සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ හෝටලයක නිරෝධායනයට ලක් කර සිටියදී විනය විරෝධීව හැසිරුනු ‍ක‍්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකටත් ඔවුන් භාරව සිටි නිලධාරීන්ටත් තාවකාලික තරග තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන් භාරව සිටි නිලධාරීන්ට අදාළ විනය පරීක්ෂණ අවසන් වනතුරු තරග වලට සහභාගී වීම මෙසේ තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් එම පිරිස අතර සිටින ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩකයන් දෙදෙනකුට පමණක් ඒ සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබෙන අතර ඊට සහභාගී වීමෙන් පසු ඔවුන් දෙදෙනාට ද තාවකාලිකව තරග තහනමක් බලපැවැත්වෙනු ඇත.

ඔවුන් හෝටලයේ නිරෝධයට ලක්ව සිටි අතරතුර දී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩමින් මත්පැන් සාදයක් පැවැත් වූ බවට එල්ල වූ පැමිණිල්ලක් මත මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සොයා විමර්ශනය කිරීමට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබේ.

lankacnews

No comments

Ads Place