Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ රටේ ළාබාලතම රූපලාවණ්‍ය ශිල්පිනිය

  කෙනෙක් ව හැඩ වැඩ කරලා තවත් කෙනෙක් ලබන්නේ අපූර්වතම ආස්වාදයක්. නොනිමි තෘප්තියක්. මේ සතුට උපරිමයෙන් ම අත්විඳින්න පුළුවන් වෙන්නේ රූපලාවණ්‍ය ශි...

 


කෙනෙක් ව හැඩ වැඩ කරලා තවත් කෙනෙක් ලබන්නේ අපූර්වතම ආස්වාදයක්. නොනිමි තෘප්තියක්. මේ සතුට උපරිමයෙන් ම අත්විඳින්න පුළුවන් වෙන්නේ රූපලාවණ්‍ය ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට. රූපලාවණ්‍ය නැතිනම් හැඩවැඩ කිරීමේ කලාවෙහි බොහෝවිටම නිරත වන්නේ තරුණ වයසේ නැතිනම් වැඩිහිටි වයසේ අයයි. එහෙත් වැඩිහිටි ශිල්පීන් ශිල්පිනියන් තරම්ම හරි අපූරුවට හැඩගැන්වීමේ කලාව කරන අවුරුදු 9ක් වයසැති හරි අපූරු රූපලාවණ්‍ය ශිල්පිනියක් මේ පුංචි රටේ අපටත් ඉන්නවා. ඇය මෙනුගි මනුල්‍යා.


මේ පුංචි දෝණි ගැන අපට අභිමානයෙන් යුතුව කතා කරන්න පුළුවන්.


සමාජ මාධ්‍ය ඔස්සේ ඇය මේ වන විට ඔබට සමීප වී සිටිනු නොඅනුමාන යි. ඇය මේ හැඩවැඩ කිරීමේ කලාවට පෙම් බඳින්නේ අවුරුදු 2ක් තරම් හුරුබුහුටි වයසේ පටන් යැයි පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරාවි. එහෙත් ඇගේ කතාව කියවන්න. ඔබ සැබැවින්ම පුදුමයට පත්වනු නොඅනුමානයි.


අම්මයි, තාත්තයි හරිම කාර්යබහුල නිසා මිණිබිරියගේ මේ දඟකාර දේවල් දිහා බලාන ඉන්නේ අත්තම්මලා දෙන්නා. මේ හින්දම අප්පච්චි ගෙනත් දෙනවා පුංචි දෝණිට මේක් අප් සෙට් එකක්. සෙල්ලම් එකක් එහෙම නෙවෙයි. ලක්ෂ දෙකක් විතර වටිනා මේක් අප් බොක්ස් එකක්. මොකද පුංචි දූගේ මෘදු සමට ගැළපෙන එකක් වෙන්නත් එපායැ. එදා එතැනින් පටන් ගත් ගමන අද ඇය මනමාලියන් පවා හැඩට වැඩට අන්දන්නට අතහුරු කරගත් හුරුබුහුටි දැරිවියක්. ඇය පුංචි වුණාට මෙනුගි ගේ මේක් අප් නම් පුංචි නැහැ. වසර ගණනාවක අත්දැකීම් ඇති රූපලාවණ්‍ය ශිල්පීන් සමඟ වුවත් ඈට හරිහරියට තරග කරන්න පුළුවන්.


මහනුවර පිහිටි කලම්බු ඉන්ටර්නැෂනල් ස්කූල් හි ඉගෙනුම ලබන ඇය පාසලේ නමක් දිනූ නර්තන ශිල්පිනියක්. ගණිතය විෂයට ඇළුම් කරන්නියක්. අධ්‍යාපන කටයුතු, නර්තනය, රූපලාවණ්‍ය ශිල්පය මේ හැම දෙයක් ම ඉතාම සමබරව කරගෙන යන්න මේ පුංචි දැරිවියට පුළුවන්. මේ දිනවල ඇය ෆේෂල් සම්බන්ධව හදරමින් ඉන්නවා. ඉදිරියේ දී ඇය ඒ පිළිබඳවත් වීඩියෝවක් එළි දක්වාවි.


ඇගේ නමින් යූටියුබ් චැනලයක් (Menugi Manulya's makeup), ෆේස්බුක් පිටුවක් පවා තිබේ. ඇගේ ෆේස්බුක් පිටුවට 35,000 ඉක්ම ගිය ලයික් ලැබී තිබෙන්නේ ඇගේ ජනප්‍රියත්වය ඒ තරම්ම ඉහළ නිසා. මාස දෙකක් ඇතුළත ඇගේ යූටියුබ් චැනලය වටා 50,000 ඉක්ම ගිය පිරිසක් සිටියි. ඒ සමඟින් ලංකාවේ ළාබාලතම රූපලාවණ්‍ය ශිල්පිනිය මෙනුගි මනුල්‍යා ලෙස නමක් සෑදිණි.


පුංචි මෙනුගි ව කුසේ තියාගෙන ඉන්න කාලේ ඉඳන් ම ඇගේ අම්මා එහෙමත් නැත්නම්, අපට සිටින දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ඉන්දුමාලා රාජපක්ෂ මනාලියන් හැඩවැඩ ගන්වන තරග කොහෙද තියෙන්නේ ඒ හැම එකක්ම සොයාගෙන ගිහින් මනාලියන් හැඩට අන්දලා ජයග්‍රහණයකුත් අරගෙනමයි පෙරළා එන්නේ.


ඉන්දුමාලාගේ සැමියා මංජුල හරස්ගම කලින් බැංකු නිලධාරියෙක්. ඉන්දුමාලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවය කළේ. ඒ සියල්ල අතහැරදා ඔවුන් හැඩවැඩ කලාවට පිවිසියා. මංජුල සාරිවලට ගල් ඇල්ලීම වැනි සාරි නිර්මාණකරණයේ නියැළුණා. මේ අතරෙයි ඉන්දුමාලා මනාලියන් හැඩ ගන්වන තරගවලට ඉදිරිපත් වුණේ. ඒ වේද්දිත් ඔවුන්ට රූපලාවණ්‍යාගාරයක් තිබුණේ නැහැ. පසුව කටුගස්තොට පළමු රූපලාවණ්‍යාගාරය විවෘත කළා. ඒ මීට වසර දහයකට එකොළහකට කලින්. මංජුල නිර්මාණය කරන සාරි පමණක් ම මනාලියන්ට ඇන්දවීමේ සම්මුතියකට ඔවුන් ආරම්භයේ පටන් ම පැමිණ සිටියා.


'ශ්‍රී ලාංකීය දෑතින් නිමවුණ උඩරට ඔසරිය සහ අලංකාර හැඩ ගැන්වීම්' යන්න තේමාව කර ගනිමින් අද ඔවුන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනූ අයවලුන් ලෙස කටයුතු කරයි.


සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව රූපලාවණ්‍යාගාරයකට ගොස් වැඩකර තමන්ගේම රූපලාවණ්‍යාගාරයක් අරඹන ඇතැමුන් එදාපටන් මුදල් හම්බ කරගැනීමට වෙහෙසෙනවා විනා ඒ පිළිබඳ වැඩිදුර හදාරන්නට නොසිතයි. රූපලාවණ්‍ය හදාරන්නට පාසලක්, ඇකඩමියක්, විශ්ව විද්‍යාලයක් මෙරට නැහැ. දරුවෙක් විෂයන් 8, 9ක් හදාරා විභාගයකට මුහුණ දී සමාජයට පිවිසියත් රැකියාව වශයෙන් තෝරා ගන්නට හැකි අන්දමේ විෂයයක් හදාරා නැහැ.


මෙනුගි දැරිය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස දස්කම් පාන අයුරු, ඇය අනාගතයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීම පිළිබඳ මේ මාපියන් අපමණ ලෙස සතුටු වෙයි. රූපලාවණ්‍ය ශිල්පි/ශිල්පිනියන් පවා තම දුවා දරුවන් දොස්තරවරුන්, ඉංජිනේරුවන් කරන්නට වෙහෙසෙන යුගයක මේ මාපියන් දරුවාගේ හැකියාවට මුල් තැන දෙමින් ඊට අවැසි මාවතක් තනා දෙන්නට පසුබිම සකසයි.


ඉන්දුමාලා රාජපක්ෂ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වැඩිපුර ම නමක් දිනා සිටිනුයේ එයාර් බ්‍රෂ් මේක් අප් කලාවෙනි. මනමාලියන් සඳහා එය ආදේශ කරමින් ඉතා සාර්ථක ව මෙම කලාව රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සඳහා එක්කරන්නට ඇයට හැකිව තිබෙයි. උදේ පිටත් වුණු මනාලිය හවස්වන විටත් එලෙසම සිටින ලෙස හැඩවැඩ කරන්නට මේ අපූරු කලාවට පුළුවන්. අද ඇය එයාර් බ්‍රෂ් කලාව හදාරන්නන්ට මැනවින් එය කියාදෙන ගුරුවරියක්.


හොඳ නිෂ්පාදනයක් මෙම ක්ෂේත්‍රයට දායාද කරලීමට, රූපලාවණ්‍ය විශ්ව විද්‍යාලයක දී හැදෑරිය හැකි විෂයක් බවට පත්කිරීමට මෙනුගිට අවශ්‍ය පසුබිම සකසා දෙයි. මේ වනවිටත් ඇය චතුර ලෙස ඉංග්‍රිසි බස හසුරුවයි. අන්තර්ජාලය ඔස්සේ රූපලාවණ්‍ය මෙන්ම සෙසු දේ පිළිබඳත් කරුණු අධ්‍යයනය කරයි.


මෙය හොඳ ස්වයං රැකියාවක්. තමන්ගේ දරුවෙක් හැකියාවක් ඇති ක්ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට ම යන්නට අතදීම යුතුකමක්. හැම රැකියාවකට ම වෘත්තිමය ගරුත්වයක් තියෙනවා. එය රැකගෙන ඉදිරියට යා යුතුයි.


සැලෝන් මනුල්‍යා නමින් දැනටමත් රූපලාවණ්‍යාගාරයක් තිබේ. සැලෝන් ඉන්දුමාලා වෙතින් මනාලියක් වීමට අවස්ථාව නැති කෙනකුට (Appoinment) ඊට වඩා තරමක් අඩු මුදලකට සහකාරියන් අතින් ඉතාමත් අලංකාර ව හැඩවැඩ වීමට පුළුවන.


මනුල්‍යාට වයස අවුරුදු 18ක් පමණ වෙද්දී ඇගේ නමින් වු ව්‍යාපාරයක් ස්ථාවර මට්ටමට පැමිණ තිබේවි. ඇයට අනාගතයක් දැනටමත් මේ බුද්ධිමත් මාපියන් සාදා අවසන් ය.


අවුරුදු 8 දි මෙලෙස දස්කම් විස්කම් පානා මනුල්‍යා අවුරුදු 18න් පසු තම අත කෙලෙසක මෙහෙයවාවිද? නිසැකව ම ඇය ශ්‍රී ලාංකේය නාමය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ජාත්‍යන්තරයට ගෙන යනු ඇත.

tharunee

No comments

Ads Place