Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතාබහට ලක් වූ තිස්සමහාරාම වැවේ කැණීම් ගැන තීන්දුව අද

  දැඩි කථාබහක් මතුවූ තිස්සමහාරාම වැවේ, සිදුකළ කැණීම් ව්‍යාපෘතිය යළි ආරම්භ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද තීරණය කිරීමට නියමිතයි. පුරාවිද්‍ය...

 


දැඩි කථාබහක් මතුවූ තිස්සමහාරාම වැවේ, සිදුකළ කැණීම් ව්‍යාපෘතිය යළි ආරම්භ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද තීරණය කිරීමට නියමිතයි. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද දිනයේද විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි. 


කෙසේ වෙතත් අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ ක්‍රමවේදයේ දෝෂ ඇත‘ි බවත්, ස්වාධීන කණ්ඩායමක් යොදවා විමර්ශන සිදුකිරීම අත්‍යවශ්‍ය බවත් ඇතැම් පාර්ශව පෙන්වා දුන්නා.


චීන - ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් තිස්සමහාරාම වැවේ සිදුකර ගෙන යනු ලැබූ වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඉකුත්දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්හිටුවීමට තීරණය කෙරුණා. ඒ, මෙම ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිඳු අවසරයක් ලබාගෙන නොමැති බවට නෙත් නිවුස් හරහාද සිදුකළ අනාවරණයෙන් පසුවයි.


තිස්සමහාරාම වැව යනු ඓතිහාසික වටිනාකමකින් යුත් සුවිශේෂී වැවක්. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ පෞරාණික නටඹුන් මෙම වැව් පතුලේ ඇති බවට විශ්වාස කළ හැකි බවයි.


තිස්සමහාරාම වැවේ සිදුකර ගෙන යනු ලැබූ වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුවූයේ ඊට එක්ව සිටින චීන ජාතිකයින් හැඳ සිටි ඇඳුම පදනම් කර ගනිමින්. ඒ, ඔවුන් චීන හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ව්‍යාපෘති භූමියේ සිටීමත් සමගයි. 

nethnews

No comments

Ads Place