Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

  දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද තවත් අමිහිරි ලෝක වාර්තාවකට එක්වුණා. ඒ, මෙතෙක් ලොව වැඩිම එක්දින තරග පරාජයන් සංඛ්‍යාවක් ලැබූ...

 


දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද තවත් අමිහිරි ලෝක වාර්තාවකට එක්වුණා.


ඒ, මෙතෙක් ලොව වැඩිම එක්දින තරග පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට පත්වෙමින්.


ඒ අනුව ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගී වූ එක්දින තරග 428 ක් පරාජයට පත්ව තිබෙනවා. එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නෙ ඉන්දියාවයි.


ඔවුන් එක්දින තරග 427 ක් පරාජයට පත්ව තිබෙනවා. 03 වන ස්ථානයේ පසුවන පකිස්තානය පරාජයට පත්ව ඇති එක්දින තරග සංඛ්‍යාව 414 ක්.


1998 වසරේ සිට සැලකීමේදී ජූලි මස 01 වනදා පැවැති කිසිඳු එක්දින තරගයක් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබුණේ නැහැ.


1998 ඉන්දියාව සමගත්, 2006 සහ 2011 වසරවලදී එංගලන්තය සමගත්, 2019 බටහිර ඉන්දීය කෙදෙව්වන් සමගත් පැවැති සියලු තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබුණා. එහෙත්, 2021 වසරේ ජූලි 01 වනදා වූ ඊයේ ශ්‍රී ලංකාව සහභාගී වූ එක්දින තරගයෙන් හිමිවූයේ පරාජයක්.


මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිිකට් කණ්ඩායම එතෙරදී මෙන්ම මව්බිමේදී සහභාගිවීමට නියමිත ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස ක්‍රීඩකයින් 39 දෙනෙකු ජෛව ආරක්ෂිත පරිශ්‍ර 2 ක රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.


එම ජෛව බුබුලූවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 39 දෙනොම 2021/22 වසර සඳහා වූ නව වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රීඩකයින්.


අදාළ ස්ථානගත කිරීමේදී ක්‍රීඩකයින් 13 දෙනෙකු කොළඹද, ඉතිරි ක්‍රීඩකයින් 26 දෙනා දඹුල්ලේද ස්ථානගත කර තිබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.


කොළඹ ජෛව බුබුලට ඇතුළත් කර සිටින ක්‍රීීඩකයින් ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ ඇතුළත් කර තිබෙන අතර ඔවුන් සියල්ලන් ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රිඩකයින් වනවා.


සෙසු ක්‍රිීඩකයින් 26 දෙනා ඉකුත් ජුනි මස 26 වැනිදා සිට රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක්‍රීීඩාංගණයේ ආරම්භ වු නේවාසික පුහුණු කඳවුරට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින්.


කොළඹ රැඳී සිටින ක්‍රීඩකයින් අද සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කරන අතර එම කඳවුර ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. එම ක්‍රීීඩකයින් 13 දෙනා අතරට ඩිල්ෂාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රභාත් ජයසූරිය සහ මලින්ද පුෂ්පකුමාර ද අයත්.

මසකට ආසන්න කාලයක් දඹුල්ලේ ක්‍රියාත්මක වන නේවාසික පුහුණු කඳවුර ලබන 22 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. ඊට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිනවා.

No comments

Ads Place