සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු හමුවීම හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පුරා අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. කේරළ ප්‍ර...
සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු හමුවීම හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පුරා අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසා ඇත්තේ, එම ආසාදිතයින් ත්‍රිවෙන්ද්‍රම් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවය.
සිකා වෛරසය ඉන්දියාවෙන් පළමු වරට වාර්තා වූයේ, 2016 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙනි.
මදුරු විශේෂයක් මාර්ගයෙන් ආසාදනය වන මෙම වෛරසය හේතුවෙන් කුඩා දරුවන්ගේ මොළය ආශ්‍රිත ආබාධ සහ තවත් දුර්ලභ ආබාධ තත්ත්වයන් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
එය ආසාදනය වීමෙන් පසු මොළය හැකිළෙන අතර හිසේ ප්‍රමාණය කුඩා වන බව හඳුනාගෙන ඇත.
මෙම වෛරසය මදුරුවන් මාර්ගයෙන් ආසාදනය වුවත්, ලිංගික සබඳතා හරහා ද එය ආසාදනය විය හැකි බව සොයාගෙන තිබේ.
කේරළයෙන් හමුවී ඇති සිකා වෛරස් ආසාදිතයින් සියලු දෙනා සෞඛ්‍ය සේවා නිලධාරීන් බව වාර්තා වී තිබේ.
noizetv
No comments