Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් පාර්ලිමේන්තු ඒම ව්‍යවස්ථා විරෝධීයි.. ද්විත්ව පුරවැසියන්ට ගිය මැතිවරණයේ ජනවරමක් නෑ..

  බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ...

 


බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ මෙයාකාරයෙන් ම සිද්ධිය ලබාදුන් නඩු තීන්දුවක් ද උපුටා දක්වමින් ඔහු මේ බව කියා සිටියි.

එමෙන්ම පසුගිය මහ මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ දින වනවිට බැසිල් රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු වීමට සුදුසු මූලික සුදුසුකම් සපුරා නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

නාම යෝජනා බාර ගත් දින වන විට බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙක් බවත් ද්විත්ව පුරවැසියන්ට මෙරට දී මැතිවරණ ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් පවසමින් තම සමාජ ජාල ගිණුමේ ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.

නීතිය අනුව බැසිල්ට බැහැ!

පොදුජන පෙරමුණේ “ජාතික ලයිස්තුවේ” , අපේක්ෂකයෙකු ලෙස ,නම සදහන් නොකළ තැනැත්තකු , ජාතික ලයිස්තු මංත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම , ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි.

“සමරවීර වීරවන්නි” නඩුවේදී , ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවේ “හරය” අනුව, මෙම තර්කය සනාථ වේ. ( එම නඩුව පළාත් සභාවට තරඟ නොකල සමරවීර වීරවන්නි , පළාත් සභාවට , පුරප්පාඩුවක් පිරවීම සදහා, මංත්‍රිවරයෙකු ලෙස පක්ෂ ලේකම් විසින් පත්කිරීමට එරෙහිව පවරන ලද්දකි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව වීරවන්නි මහතාගේ මංත්‍රී ධූරය අහෝසි කරන ලදී. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ අදාල නීතිමය මුලධර්ම පාර්ලිමේන්තුවටත්, පළාත් සභාවටත් එක හා සමානය. )

ඊට අමතරව ,වර්ථමාන පාර්ලිමේන්තුවේ මංත්‍රීවරයෙකු වීමට තවත් බරපතල නුසුදුසුකමක් බැසිල් රාජපක්ෂට ඇත. එනම් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත්කල දිනය වනවිට , ඔහු , අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා මුලික සුදුසුකම් නොලබා තිබිමයි. එදිනට පැවති නීතිය අනුව , ද්විත්ව පුරවැසියෙකුවු බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වීම තහනම්කර තිබිණි . ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්දය ප්‍රකාශකරනවිට , මුලික සුදුසුකම්වත් ලබා නොතිබුණු බැසිල්ට දැන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිනීම නීතිය අනුව කළ නොහැකිය .

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු නම් කිරීමට , පොදුජන පෙරමුණේ ලේකම්ට බලයක් නැත. එසේ නම්කරත් , එම නම පිළිගෙන පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු ලෙස ගැසට්කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. වර්ථමාන මැතිවරණ කොමිසමට රටේ මුලික නීතිය සහ එය අර්ථ විවරණය කල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු අනුව තීරනයක් ගැනීමට කොන්දක් ඇත්ද ?


No comments

Ads Place