මෙම ජූලි මාසය අවසානයේ දී මහ බැංකුව බංකොලොත් වීමට නියමිතව ඇතැයි ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. මේ මාසය...
මෙම ජූලි මාසය අවසානයේ දී මහ බැංකුව බංකොලොත් වීමට නියමිතව ඇතැයි ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මේ මාසය අවසන් වීමට ප්‍රථම ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇති බවද පවසන ඔහු එය ගෙවා දැමීමත් සමග මහ බැංකුව බංකොලොත් තත්ත්වයට පත්වන බවද පැවසීය.
අද වන විට රටේ ආර්ථිකය බිඳවැටී බංකොලොත්භාවයේ පළමු අදියරේ තිබෙන බවද ඒ මහතා පැවසීය.
අපනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම හෝ විදේශවල සිටින දරුවන්ට කිසියම් හෝ මුදලක් යවා ගන්නට නොහැකි තත්ත්වයකට ජනතාව පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අද වන විට විදේශ මුදල් සෙවීම සඳහා කළු කඩ පස්සේ යාමට සිදුව ඇති බවත් ඉතිහාසයේ පළමු වතාවට බැංකු ක්‍රමය පරදවා ඩොලර් කළු කඩ ක්‍රමය ඉදිරියට එමින් ඇති බවත් ඔහු පැවසීය.
විදේශ මුදල් රට යවන ප්‍රධාන මාධ්‍යය බවට නීති විරෝධී උන්ඩියල් ක්‍රමය පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
lankacnews
No comments