හලාවත කුරූනැගල පාරේ සේද වත්ත හංදියේ දි දෙපාර්ශවයක් අතර ඇතුවු ගැටුමකින් පසු තුවාල ලද දෙදෙනෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ ( 11...
හලාවත කුරූනැගල පාරේ සේද වත්ත හංදියේ දි දෙපාර්ශවයක් අතර ඇතුවු ගැටුමකින් පසු තුවාල ලද දෙදෙනෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ ( 11දා ) ඇතුළත් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධ සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර හා ඔහුගේ අයියාවන ඉෂාන් චතුරංග අබේසේකර අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
රාත්‍රි කාලයේ දි අධිවේගයෙන් සේදවත්ත ප්‍රදේශයේ තරුණයන් පිරිසක් යතුරු පැදි ධාවනය කරවිම සම්බන්ධයෙන් කලක සිට දෙපාඒශවයක් අතර ගැටුමක් පවතිාන බවත් ඊයේ ( 11දා ) රාත්‍රියේ 9 ට පමණ එම ගැටුම ඇති වු බවත් මේ අතර නගර සභාපතිවරයා නගර සභාවේ රථයකින් එම ස්ථානයට පැමිණ ඇති බවත් කියයි.
පසුව සභාපතිවරයා හා ප්‍රදේශයේ තරුණයන් අතර බහින්බස්වීමක් ඇතිවු බවත් ඔහුද පදිංචිව සිටිනුයේ ආසන්නයේ වන අතර පසුව මේ අවස්ථාටෙව් දි නගර සභාවේ සභාපතිහා ඔහුගේ අයියා තමන්ට පහර දුන් බවට පිරිසක් පොලිසියට පැමිණිළි කර ඇති බවත් පොලිසිය කියයි.
නගර සභාපතිවරයාද තමන්ට ප්‍රෙද්ශයේ ත.රුණයන් පිරිසක් පහර දුන් බවට පැමිණිල්ලක් කර ඇති බවත් කෙසේ වෙතත් නගර සභාපති හා අයියාව නගර සභාවේ රථයක් සමග අත් අඩංගුවට ගත් බවත් කියයි.
මෙම ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශවයට වහාම පැමිණ පොලිසියට බාර වන ලෙස දැනුම් දුන් අතර අත් අඩංගුවට ගත් රථය නගර සභාව වෙත මුදා හැරිමට පියවර ගත් බවත් පොලිසිය කියයි.
හලාවත නගර සභාවේ සභාපතිවරයා පසුගිය නගර සබා මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදි ජය ගත් අතර පසුව ඔහු ඇති ජයගත් පිරිස සමගි ජන බලවේගයට සම්බන්ධවු බවත් කියයි.
අත් අඩංගුවට ගත් අයියා මගේ දෙදෙනො හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. රෝහල් ගත කළ දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.
lankacnews
No comments