Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස්වේච්ඡා බළකායකට අගමැතිගෙන් උපදෙස්

අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහිත ස්වේච්ඡා  බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන ල...


අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහිත ස්වේච්ඡා  බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.


ඒ, අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා දීප ව්‍යාප්ත විදුලි වැට ඉදිකිරීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.


අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශවලට අනුව යමින් එම කටයුතු ආරම්භ කරන ලෙයසි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.


වනජීවි සංරක්ෂණ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවලට පමණක් අලි මිනිස් ගැටුම පාලනය කිරීමේ සමස්ත වගකීම නොපැවරෙන පරිදි ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.


ඒ අනුව අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ  ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය ආයතන, නිලධාරින් සහ  ග්‍රාමීය ප්‍රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බළකායක් මගින් අලි - මිනිස් ගැටුම පාලනය කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.


2021 වර්ෂයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස කිලෝමීටර් 1500ක් දිගු විදුලි වැට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.


මේ වනවිට ඊට අදාළ අමුද්‍රව්‍ය සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන්ව ඇති අතර දිස්ත්‍රික්ක 19ක් ආවරණය කරමින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශිය වනජීවි කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල අලි වැට ඉදිකිරීම සඳහා දායකත්වය සැපයීමට නියමිතයි.


දැනට ඉදිකර තිබෙන කිලෝමීටර් 4,500ක් පමණවන අලිවැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 3,900ක් යොදා ගෙන තිබෙනවා. ඒ සඳහා බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1,500ක පිරිසක් බඳවා ගෙන ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සාකච්ඡාවේදී අනාවරණ කර ඇත්තේ.

nethnews

 

No comments

Ads Place