Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලැම්ඩා ලංකාවටත් එබෙයි.. පැතිර යාමේ අවදානමක්…

ලොව රටවල් තිහකට පමණ පැතිරී ගොස් ඇති තවත් විකෘතියක් වන ‘ලැම්බ්ඩා’ මාරාන්තික කොරෝනා ප‍්‍රභේදය ද මෙරටේ පැතිර යෑමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞ...


ලොව රටවල් තිහකට පමණ පැතිරී ගොස් ඇති තවත් විකෘතියක් වන ‘ලැම්බ්ඩා’ මාරාන්තික කොරෝනා ප‍්‍රභේදය ද මෙරටේ පැතිර යෑමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.

සියල්ල සැලසුම් කර මෙරට සෞඛ්‍ය අංශ කෙතරම් අධීක්‍ෂණයක පසු වුවත් ඇතැම් විට ලැම්බ්ඩා වෛරසය ආසාදනය වී විදේශයක සිට මෙරටට පැමිණෙන දහස් ගණනක් අතරින් පුද්ගලයකු ම`ගහැරී යෑමක් සිදුවිය හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

පී.සී.ආර්. පරීක්‍ෂණය යනු සියයට සියයක් සියලූ දේ හදුනා ගන්නා පරීක්‍ෂණයක් නොවන නිසා එවන් තත්ත්වයක් ඇති විය හැකි බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ස`දහන් කළේය.

‘ලැම්බ්ඩා’ ප‍්‍රභේදය රටට ඇතුළු වනවාක් වගේම එය පැතිර නොයනවා යැයි කීමට නොහැකි බවද කී හේමන්ත හේරත් මහතා එම තත්ත්වය වළකා ගන්නට නම් කළ යුතුව ඇත්තේ අප රටත් වශයෙන් පොදුවේ සියලූ දෙනාම එක්ව මේ වෛරසය බෝ නොවන ආකාරයට සෞඛ්‍ය උපදෙස් අනුව කි‍්‍රයා කිරීම බවද පැවසීය.

දැනට මෙරටේ පැතිර යෑමේ දැඩි තර්ජනයක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයටත් වඩා ශීඝ‍්‍ර පැතිරීමක් සිදු වන මාරාන්තික ‘ලැම්බ්ඩා’ විකෘති කොරෝනා ප‍්‍රභේදය මුල්වරට ලතින් ඇමරිකාවෙ පේරු රාජ්‍යයෙන් හ`දුනාගනු ලැබිණි.

lankacnews

No comments

Ads Place