Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මැද ටික ටික නැගිටී.. ශ්‍රී ලංකාවටම දේශීය සේලයින්…

  දීර්ඝ කලක් පුරා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිහිනයක්ව පැවති දේශීයව සේලයින් නිපදවීම සැබෑවක් කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගල...

 


දීර්ඝ කලක් පුරා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිහිනයක්ව පැවති දේශීයව සේලයින් නිපදවීම සැබෑවක් කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹු සේලයින් කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මගින් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අනුව සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුල් කරන මූලික නික්ෂේපන ද්‍රාවණ සියල්ල කුණ්ඩසාලේ පිහිටි ඇති නවීන කර්මාන්තශාලාවක නිෂ්පාදනය වන අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) ලාංජනය යටතේ රෝහල්වලට සැපයෙනු ඇත.

සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට පමණක් දිනකට රජය රුපියල් ලක්ෂ 50 වැය කරන බවත්, මෙතෙක් කල් එම මුදල ඩොලර් ලෙස විදේශ වෙත ඇදී ගිය බවත් සැප්තැම්බර් මස 1 සිට ඒ මුදල රට තුළම ඉතිරි වන වන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මේ තුලින් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 5 ක පමණ ශුද්ධ ඉතිරියක් ලඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන බවත් අතිරික්ත සේලයින් බෝතල් මිලියන 25 ක් පමණ අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ “අලුත් රටට-අලුත් බෙහෙත්” වැඩසටහන යටතේ සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place