Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි පැනලා යන අය නෙමෙයි…- ගොඩහේවා

  ‘මම ගම්පහට ආවේ ගම්පහ සංවර්ධනය කරනවා කියලා පොරොන්දුවක් දීලා. ඒ පොරොන්දු සියල්ල එකින් එක ඉටු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ ඡන්ද ව්‍යාපාරයේ...


 ‘මම ගම්පහට ආවේ ගම්පහ සංවර්ධනය කරනවා කියලා පොරොන්දුවක් දීලා. ඒ පොරොන්දු සියල්ල එකින් එක ඉටු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ ඡන්ද ව්‍යාපාරයේදී තමුන්නාන්සේලා දකින්න ඇති ‘සියනෑ අරුණ’ නමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා පැත්තකට දාන මනුස්සයෙක් නෙමෙයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම කරුණු 10 ක් ගැන කතා කළා. මේ කරුණු දහයම දැන් එකින් එක අපි ඉටු කරමින් ඉන්නවා’ යැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා වස විසෙන් තොර සෞඛ්‍ය සම්පන්න දේශයක් නිර්මාණය කිරීමේ අඩිතාලම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමින් ‘සියනෑ කතිකාව’ විසින් සංවිධානය කළ ගොවි මහතුන් 1000කට නොමිලේ කාබනික පොහොර බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන මෙන්ම සෞඛ්‍යාරක්ෂිතව වස විසෙන් තොර කෘෂි ආහාර නිෂ්පාදනයේ ඇති වැදගත්කම පිළිබඳව ගොවිමහතුන් දැනුවත් කිරීම ද සිදු කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘මගේ ඡන්ද ව්‍යාපාරයේදී ‘සියනෑ අරුණ’ නමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ වැදගත්ම එකක් තමයි, ගම්පහ අධ්‍යාපනයට ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක්. ගම්පහ ආසනය අධ්‍යාපනයට ප්‍රසිද්ධ ආසනයක්. මා පොරොන්දු උනා මේ දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි මුළු රටේම අධ්‍යාපන ක්ෂෙත්‍රය නංවාලීම සඳහා ජනාධිපතිතුමා සමග එක්ව විශාල පාසල් ප්‍රමාණයක් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දෙනවා කියලා. ලංකාවේ මෙතෙක් තිබුණේ ජාතික පාසල් 373 යි. මට පුළුවන් උනා සෞභාග්‍යයේ දැක්ම හරහා ජනාධිපතිතුමාගේ දැක්ම හරහා, රජයත් සමග කටයුතු කරලා ජාතික පාසල් 1000 ක් අලුතෙන් පටන් ගන්න. මේ වැඩසටහනෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ජාතික පාසල් 70 ක් ලබාදෙන්න. ගම්පහ ආසනයට පමණක් පාසල් 06 ක්. මේ මම වෙච්ච පළවෙනි පොරොන්දුවක් ඉටු කිරීම. මේක 6 න් නතර වෙන්නේ නැහැ. මේක පළවෙනි වටය. ඊ ලඟ වටයේදී අපි තවත් පාසල් එකතු කරනවා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන කතා කරන කොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා පොරොන්දුවක් දුන්නා ගම්පහට අලුතෙන් විශ්ව විද්‍යාලයක් ගේනවා කියලා. ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් කරනවා කියලා. අවුරුද්දක් යන්න කලින් මම එය ඉටු කළා. අද ලංකාවේ 16 වෙනි විශ්ව විද්‍යාලය තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලේ යක්කල. වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය. එම වෛද්‍ය විද්‍යාලය වටේ අපි විශාල සුන්දර පරිසරයක් ගොඩනගනවා. ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යා කලාපයක් ලෙස අප ඒ ප්‍රදේශය දියුණු කරනවා. එතකොට ලංකාවේ ඕනෑ තැනක ඉඳන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්න එන්න ඕනෙ තැනක් වශයෙන් අපි එය දියුණු කරනවා. එය වටා ඇවිදින මංතීරුවක් හදලා එම ප්‍රදේශය ලස්සන කරනවා.

මම ඡන්ද ව්‍යාපාරයේ ඇවිදින කොට ජනතාව කිව්වා ගම්පහ නගරය රාත්‍රියට වහලා කියලා. එහෙම නෙමෙයි නගරයක් තිබෙන්නට ඕනේ. හොඳ නගරයක් නම් පැය 24 ම සක්‍රීයව තිබිය යුතුයි. ජනතාවට එන්න යන්න පුළුවන් විය යුතුයි. එයට හේතුව අවුරුදු ගණනාවක් තිස්සේ කිසිඳු සංවර්ධනයක් ගම්පහ නගරයේ සිදුවෙලා නැහැ. දැන් ගම්පහ නගරයේ සංවර්ධනය පටන් අරං තිබෙනවා. අවුරුදු 20 ක පමණ කාලයක් තිස්සේ කතා කර කර හිටියා මිසක් කාටවත් කරන්න බැරි වූ ගම්පහා පොදු වෙළෙඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. දැනටමත් පැරණි ගොඩනැගිලිවල සිටි වෙළෙඳුන් තාවකාලික ගොඩනැගිලිවලට ගෙනයාමේ කටයුතු පටන් ගෙන තිබෙනවා. තව මාස දෙකක් ඇතුළත අලුත් ගොඩනැගිල්ල හදන්න පටන් ගන්නවා. අලුත් ගොඩනැගිල්ල හදලා ඉවර උනාට පසුව දෙවන ගොඩනැගිල්ල හදන්න පටන් ගන්නවා. එමගින් මහා විශාල වෙළෙඳ සංකීර්ණයක් ගම්පහට එනවා.

ඊ ළඟට ගම්පහට ක්‍රීඩා සංකීර්ණයක් එනවා. වොලිබෝල් ක්‍රීඩා කරන ස්ථානයේ කඩා වැටී ඇති ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩලා අලුතින් ස්ටේඩියම් එකක් හදලා ගෘහස්ථ ක්‍රීඩා කරන්න පුළුවන් විදිහට, වොලිබෝල්, බැට්මින්ටන් වැනි ක්‍රීඩා කරන්න පුළුවන් විදිහට, එළියේ පරිසරයේ ළමයින්ට විනෝද කටයුතු, ව්‍යායාම කරන්න පුළුවන් විදිහට එතන හදනවා. ඒ වැඩපිළිවෙලට මුදල් අනුමත කරලා එය පටන් අරගෙන තිබෙන්නේ. ගම්පහ ආසනය තුළ මගේ යෝජනා අනුව පමණක් මාගේ ප්‍රතිපාදන යටතේම කි.මි. 8 කට වඩා සංවර්ධනය වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ කි.මි. 50 ක් පමණ සංවර්ධනය වෙනවා.

කොවිඩ් ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් වෙච්ච වෙලාවෙ බරපතලම ගැටළුව තමයි කොවවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැති කම. ඔක්සිජන් දී ගන්න බැරුව මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. කාටහරි තිබූ ලොකුම ගැටවළු තමයි කොවිඩ් වැළඳුනහම ඉක්මනින් ගිහින් ප්‍රතිකාර ගන්න තැනක් නොමැති කම. අපි පටන් ගත්තා ඇඳන් 2500 ක් තිබෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්. එහි පළවෙනි 500 හදලා විවෘත කරලා ඉවරයි. එහි පළවෙනි ඇඳන් පන්සියය දුන්නේ අපි සියනෑ කතිකාවෙන්. හොඳම ගුණාත්මක බවින් යුත් ඇඳන් මෙට්ට, මදුරුදැල් ඇතුළ සියලු පහසුකම් සහිතව මාගේ යටතේ තිබෙන ආයතන දෙකකින් අපි ලබාදුන්නා.

ගම්පහට රැකියා අවස්ථා දැනට විශාල ප්‍රමාණයක් අප ලබාදී තිබෙනවා. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ. දෙකෙහිම එකතුව දහසකට කිට්ටුයි. මගේ යෝජනා අනුව 600 දෙනෙක් නම් වෙලා තිබෙනවා. එයින් 100 කට ආසන්න ප්‍රමාණයකට දැන් ලැබිලා තිබෙනවා. අනෙක් අයටත් ඉදිරියේදී ලැබෙනවා.

ඒවගේම අපි පොරොන්දු වූ තව දෙයක් තමයි නිවාස සංවර්ධනය දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ මධ්‍යම පාන්තික නිවාස 800 ක් ගොඩනැගෙමින් පවතිනවා. ගම්පහ ආසනයටත් අපි අලුතින් මහල් නිවාස සංකීර්ණයක් ලබන වසරේදී හදන්න පටන් ගන්නවා. ඒ වගේම ග්‍රාමීය නිවාස 14000 ක් ඉදිවන විට ගම්පහ දිස්ත්‍රික්කයෙත් සෑම වසමකටම එක් නිවසක් බැගින් ඉදිවෙනවා. ඔබට මම මේ කරුණු කිහිපයක් පැහැදිලි කළේ. අපි පොරොන්දු දීලා පැනලා යන අය නෙමෙයි. අපි ඡන්දෙ ගන්න පොරොන්දු දෙන අය නෙමෙයි. අපි ඡන්දෙට ආවෙත් ජනාපධිතිතුමාගේ ඉල්ලීමකට අනුව. හැබැයි දැන් ජනතාවට වෙච්ච පොරොන්දු ඉටුකරන එක තමයි මගේ වගකීම වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කාගෙවත් කට කතාවලට රැවටෙන්න එපා. විචාර බුද්ධියෙන් හිතලා බලන්න කියන දේ. මේ ජනාධිපතිතුමා රටට වැඩක් කරන්න ආපු කෙනෙක්. එතුමා කරපු විශාල සංවර්ධනය පසුගිය වසර එකහමාර තුළ මේ කොරොනා ප්‍රශ්නය මැද්දෙත් එතුමා පසුගියදා කළ කතාවේදී සඳහන් කළා. හැබැයි අවාසනාවකට වගේ එතුමාගේ කතාවේ අන්තර්ගතය ගැන නෙමෙයි මිනිසුන් කතා කළේ එතුමා කතාකල පරිසරය ගැනයි එතන තිබූ කැමරා කෝණ ගැනයි තමයි කතා කළේ. මොකද අර අන්තර්ගතය තේරුම්ගත හැකි විචාර බුද්ධියක් බොහෝ දෙනෙකුට නොමැති නිසා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එම කතාවේ අන්තර්ගතය අරගෙන එහි තිබෙන කරුණුවලට වැඩි වැඩියෙන් ප්‍රචාරය ලබාදෙන්න. තමුන්නාන්සේලා ඒවා අධ්‍යනය කරලා බැලුවොත් තේරේවි මොනතරම් වැඩ කොටසක් මේ වසර එකහමාර තුළ කර තිබෙනවාද කියලා. පසුගිය වසර 5 තුළ හිතන්නවත් බැරිවෙච්ච වැඩ කොටසක් පසුගිය වසර එකහමාර තුළ කර තිබෙනවා. උදාහරණයක් ලෙස මාගේ අමාත්‍යාංශය මගින් මහල් නිවාස හදනවා. මට කලින් සිටියේ පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙක්. තමුන්නාන්සේලා දන්නවා මෙගා පොලිස් බාරව හිටපු ඇමතිතුමා. වසර 05 ටම ගෙවල් 450 යි හදලා තිබෙන්නේ. එයිනුත් භාගයක් ඉවර කළේ මම ආවට පස්සේ. මම මේවන විට මගේ අමාත්‍යාංශය යටතේ ගෙවල් 10,500ක් පටන් අරගෙන තිබෙනවා. සමහර ගෙවල් භාරදීලත් ඉවරයි. අපි ලක්ෂ 3 ක් හදනවා මේ වසර හතර ඇතුළත, අපේ අමාත්‍යාංශ කිහිපය එකතු වෙලා. එය තමයි වෙනස’ යැයි පැවසීය.

lankacnews

No comments

Ads Place