Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට නිදහසට කරුණු විමසීමේ ලිපි!

  එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් ම...

 


එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට නිදහසට කරුණු විමසීමේ ලිපියක් භාර දෙයි.


කොරෝනා ජෛව ආරක්ෂිත බුබුළ බිඳීම, හොර රහසේ හෝටලයෙන් පිටත්වීම හා රටට අපකීර්තිය ගෙන ඒම වැනි කරුණු යටතේ චෝදනා එල්ල වූ මේ තිදෙනා නිදහසට කරුණු විමසීමේ ලිපියට දක්වන ප්‍රතිචාර අනුව පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කෙරේ.


මේ වෙනුවෙන් ම පත්කළ පංච පුද්ගල කමිටුව අනතුරුව පරීක්ෂණ ආරම්භ කරන අතර, ක්‍රීඩකයන් තිදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් පත් කළ මේ කමිටුවට උපරිමාධිකරණයේ හිටපු විනිසුරු නිමල් දිසානායක‍, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රණවක, නීතිඥ උචිත වික්‍රමසිංහ හා විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු පත් කර ඇත.


සිද්ධියෙන් පසුව කොළඹට ගෙන්වූ ක්‍රීඩකයන් තිදෙනා නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටි අතර, එම නිරෝධායනය අවසන් වූ පසු පරීක්ෂණයේ මූලික කටයුතු ආරම්භ කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තිදෙනාට එරෙහිව ක්‍රීඩා තහනමක් පනවා ඇති අතර, එංගලන්ත සංචාරයේදී ක්‍රීඩකයන්ට ගෙවන කිසිදු මුදලක් ඔවුන්ට නොදීමට තීරණය වී ඇත. පවතින කොරෝනා තත්ත්වය හමුවේ එම නීති කැඩීම සම්බන්ධව අනිවාර්ය දඬුවමක් දෙනු ඇතැයි පැවැසේ.

noizetv

No comments

Ads Place