අද දිනයේද ප්‍රදේශ රැසකට තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනු...
අද දිනයේද ප්‍රදේශ රැසකට තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝ මීටර් 80ක් දක්වා ඉතා තද සුළං ඇති විය හැකියි. එමෙන්ම උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර ඉතා තඳ සුළං ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංඟා දෙපස සිටින ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.
nethnews
No comments