Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිචර්ඩ් බ්‍රැන්සන් තමන්ගේ ම යානයෙන් අභ්‍යවකාශය ජය ගනී!

 බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් ඔහු විසින් නිපදවන ලද Virgin Galactic රොකට් යානයෙන් අභ්‍යවකාශය සාර්ථක ලෙස තරණය කර තිබේ. ඔ...


 බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් ඔහු විසින් නිපදවන ලද Virgin Galactic රොකට් යානයෙන් අභ්‍යවකාශය සාර්ථක ලෙස තරණය කර තිබේ.


ඔහු නිව් මෙක්සිකෝ සිට අභ්‍යවකාශය බලා පියාසර කළේ, 17 වසරක් තිස්සේ ඔහුගේ සමාගමක් විසින් නිපදවන ලද රොකට් යානයෙනි.



මෙම ගමනට ගුවන් නියමුවන් දෙදෙනෙක්, කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් සහ රිචර්ඩ් බ්‍රැන්සන් එක්ව සිටියහ.



ඔහු පවසා ඇත්තේ, අභ්‍යවකාශ සංචාරය ජීවිත කාලයට ම එක් වරක් පමණක් හිමි වන ආකාරයේ අත්දැකීමක් බවය.


පෘථිවියෙන් ගමන් අරඹා පැයක පමණ කාලයකට පසුව රිචර්ඩ් බ්‍රැන්සන් යළි ආරක්ෂිතව පෘථිවිය වෙත ළඟා විය.


මෙම ගමන අවසානයේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, මෙය තමන් ඉතා කුඩා අවධියේ සිට මැවූ සිහිනයක් බවය.


මෙම අභ්‍යවකාශ සංචාරය සමග තමන්ගේ ම යානයකින් අභ්‍යාවකාශ සංචාරය ආරම්භ කළ ප්‍රථමයා ලෙස රිචර්ඩ් බ්‍රැන්සන් ඉතිහාසගත විය.



noizetv

No comments

Ads Place