මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන ඉගැන්වීම් කටයුතුවලින් අද සිට ඉවත් වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. සිය ගුරු සංගම් නියෝ...
මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන ඉගැන්වීම් කටයුතුවලින් අද සිට ඉවත් වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. සිය ගුරු සංගම් නියෝජිතයින් අනීතික ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රදවා සිටීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමර්ගයේ නිරතවන බවයි ගුරු සංගම් පැවසුවේ.
ඒ අනුව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය සහ විදුහල්පති සේවා සංගමය ඇතුලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති 11ක් අද සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බව ගුරු සංගම් ප්‍රකාශ කළා. කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු පිරිසක් මේ වන විට මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමු කර සිටිනවා. ඔවුන් වහාම කැඳවිය යුතු බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ.
කෙසේවෙතත් ගුරු සංගම් සාමාජිකයින් මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන ඉගැන්වීම් කටයුතුවලින් අද සිට ඉවත් විමට තීරණය කළද ඇතැම් ගුරුවරු සිසුන් වෙනුවෙන් එම ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකි අවස්ථාවක සිසුන් වෙනුවෙන් මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්යක් ගැනීම කාලෝචිත නොවන බවයි එම ගුරුවරු පෙන්වා දෙන්නේ. ගුරුවරුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඔන්ලයින් ඉගැන්වීම් සිදු කිරීම පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා.
කෙසේවෙතත් ගුරු සංගම්වල සාමාජිකයින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීම හරහා ඔවුන් මෙම කාලසීමාවේදී ලබා ගත් ප්‍රසාදයද හීන වී යන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.
nethnews
No comments