Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිකඩ සුපිරි ගණිකා නිවාසය හත්වැනි වරටත් වටලයි – අන්තර්ජාලය හරහා ඊෂි කෑෂ් ක‍්‍රමයට මුදල් ගරලා!

  වැලිකඩ පොලිස් ස්ථානයට ආසන්නව වැලිකඩ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට රුපියල් ලක්ෂ 3ක කුලී පදනම මත ලබාගත් තෙමහල් නිවසක පවත්වා ගෙන ගිය සුපිරි ගණිකා...

 


වැලිකඩ පොලිස් ස්ථානයට ආසන්නව වැලිකඩ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට රුපියල් ලක්ෂ 3ක කුලී පදනම මත ලබාගත් තෙමහල් නිවසක පවත්වා ගෙන ගිය සුපිරි ගණිකා නිවසක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් තිදෙනකු හා එහි කළමනාකරු ලෙස කටයුතු කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සංචරණ සීමා කාලය තුළ අවස්ථා හයකදී මෙහි වැටලීම්කර තිබෙන බව සඳහන් කරන පොලිසිය එහිදී කාන්තාවන් 18 දෙනකු අත්අඩංගුවට පත්වූ බවත් 7 වැනි වරටත් සිදුකළ වැටලීමේදී කාන්තාවන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගැනීමටත් හැකි වූ බව සඳහන් කර සිටී.

 මෙවර අත්අඩංගුවට පත් කාන්තාවන් සූරියවැව, වැල්ලම්පිටිය, කැකිරාව යන ප‍්‍රදේශවල පදිංචිකාරියන් බවට හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

 නූතන තාක්ෂණය ඔස්සෙ අන්තර්ජාලය හරහා ගැනුම්කරුවන් වෙත ලබා දෙන ඡායාරූපවලට ලැබෙන ඉල්ලූම අනුව මිල ගණන් ඉදිරිපත් කර එම වටිනාකම ඊෂි කැෂ් ක‍්‍රමයට ලබා ගැනීමෙන් පසු පැමිණිය යුතු දිනය හා වේලාව ඉල්ලූම්කරුට ලබාදෙන ක‍්‍රමවේදයකට මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබේ. රු. 1500 සිට රු. 5000 දක්වා මිල ගණන්වලට මෙම කාන්තාවන් ලබාදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 වැලිකඩ පොලිසිය ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො. සැ. (38723) රංජිත්, පො. කො. (83714) සුදීර, කාන්තා පොලිස් කොස්තාපල් හංසමාලී යන නිලධාරීන් මෙම වැටලීම සිදුකොට තිබේ.

noizetv

No comments

Ads Place