Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්‍යවශ්‍ය සේවා යටතේ ගවයින් ප‍්‍රවාහනයේ…

  වව්නියාව නෙලුක්කුලම් පුලියන්කුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කල අයෙකු ගවයින් සමගින් ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බවට නෙලුක්කු...


 වව්නියාව නෙලුක්කුලම් පුලියන්කුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කල අයෙකු ගවයින් සමගින් ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බවට නෙලුක්කුලම් පොලීසිය පවසයි.

නෙලුක්කුලම් පොලීසියට නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරන බවට  ලුබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පුලියන්කුලම් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ සැක සහිත ලොරි රථයක් පරික්ෂාවට ලක් කොට ඇත.

එහිදී අත්‍යවශ්‍ය සේවා යන බැනරයක්ද අලවා තිබූ අතර පොලිසිය විමසීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන බවට රියදුරු විසින් පොලීසියට පවසා ඇතත් අදාල ලොරි රථය පරික්ෂා කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

එහිදී ලොරි රථය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවට නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටීම හේතුවෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගවයින් සමග ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇත.

අදාල ගවයින් මස් පිණිස රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවට පොලීසිය සැක පල කර සිටින අතර අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි නෙලුක්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place