Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් දිවුරුම් දෙද්දී ලක්ෂ්මන් යාපා කල මොට්ට වැඩේට සමාජ මාධ්‍ය විවේචන!

  අද දිනයේ බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයේ දිව්රුම් දීම සහ පාර්ලිමේන්තුවේ දිව්රුම්දීම සිදුවූ අතර එය සමරමින් මාතර දිස්ත්‍රික්කයේ පසුගිය මහ ...

 


අද දිනයේ බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයේ දිව්රුම් දීම සහ පාර්ලිමේන්තුවේ දිව්රුම්දීම සිදුවූ අතර එය සමරමින් මාතර දිස්ත්‍රික්කයේ පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් පෝස්ටර් ගැසීමක් සම්බන්ධයෙන් සමාජ ජාල මධ්‍යයේ විවේචන එල්ල වෙමින් පවතිනවා.


මාතර නගරය පුරා බිත්ති තාප්ප පුරවමින් ගැසූ පෝස්ටර් නිසා එම ප්‍රදේශයේ ජනතාව ලක්ෂ්මන් යාපා සහ ඔහුගේ දේශපාලන භාවිතාව දැඩිව විවේචනය කරන අතර ඔවුන්ගේ පෝස්ටර් කටවුට් සංස්කෘතිය මෙන්ම ඔවුන්ද දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව පියවර ගත්තේ මෙවන් මොට්ට වැඩ නිසා බවයි සමාජ මාධ්‍ය සටහන් වල කියවෙන්නේ.


පෝස්ටර් කටවුට් මගින් පරිසරය විනාශ කරන දේශපාලන සංස්කෘතිය නිමා කරමින් පසුගිය මැතිවරණ වලදී නව දේශපාලන සංස්කෘතියක් පක්ෂ විපක්ෂ දේශපාලකයින් ආරම්භ කල අතර ඒවාට අනුගත විය නොහැකි ලක්ෂ්මන් යාපා වැන්නවුන් හුදු ලකුණු මානසිකත්වයෙන් යුතුව මෙවන් බාල වැඩ කිරීම හරහා ඔවුන් ඔප්පු කරමින් සිටින්නේ ජනතාව ඔවුන් පරාජය කොට නිවසට කර තැබීම සධාරණ බව නොවේද?


මාතර නගරයේ පෝස්ටර් අලවා තිබුනේ මේ අයුරින්…


noizetv

No comments

Ads Place