මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන ඉගැන්වීම් කටයුතුවලින් ගුරුවරුන් අද සිට ඉවත් වුණා. සිය ගුරු සංගම් නියෝජිතයින් අනීතික ලෙස ...
මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන ඉගැන්වීම් කටයුතුවලින් ගුරුවරුන් අද සිට ඉවත් වුණා.
සිය ගුරු සංගම් නියෝජිතයින් අනීතික ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රදවා සිටීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමර්ගයේ නිරතවන බවයි ගුරු සංගම් සදහන් කළේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.
ගුරු සංගම් ඔන් ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වන බවට ප්‍රකාශ කළද අද පැවති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සදහා ඇතැම් ගුරුවරුන් එක්වුණා.
වැලිගම ප්‍රාදේශීය සභාව ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන වැඩසටහනද අද දිනයේදී ක්‍රියාත්මක වූයේ ගුරුවරුන්ගේ දායකත්වයෙන්.
nethnews
No comments