Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෙළඳ පොලේ සීනී මිල තවත් ඉහළ යන ලකුණු

 වෙළඳපලේ සීනි මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ඉකුත් දින 10 තුළ සීනි කිලෝ ග්‍රෑම් 01 ක තොග මිල රුපියල් 25 කින් පමණ ඉහළ ගොස් ඇ...


 වෙළඳපලේ සීනි මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ඉකුත් දින 10 තුළ සීනි කිලෝ ග්‍රෑම් 01 ක තොග මිල රුපියල් 25 කින් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක් තුළයි. මේවනවිට වෙළඳපලේ සීනි කිලෝවක සිල්ලර මිල ද රුපියල් 135 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 


නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ සීනි ආනයනය මේවනවිට නතර කර ඇති බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. 


මෙරට මාසික සීනි පරිභෝජනය ආසන්න වශයෙන් මෙටි්‍රක් ටොන් 30,000 ත් 35,000 ත් අතර වනවා. මෙරට තුළ නිෂ්පාදනය ඉන් සපුරන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ අනුව සෙසු සීනි තොග ආනයනය කළ යුතුයි. සීනි සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කථාබහක් මතුවූයේ ආනයනික සීනි කිලෝ ග්‍රෑම් 01 ක් මත පනවා තිබූ රුපියල් 50 ක බද්ද ශත 25 ක් දක්වා අඩු කිරීමත් සමගයි. ඒ වනවිටත් ශ්‍රී ලංකාව තුළ සීනි මෙටි්‍රක් ටොන් 90,000 ක් පමණ තිබූ බවට වාර්තා පළ වුණා. 


පසුව සීනි කිලෝ ග්‍රෑම් 01 ක් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කෙරුණ ද, එය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැහැ. සීනි ගනුදෙනුව හරහා රජයට විශාල බදු ආදායමක් ද අහිමි වූ බවටයි විවිධ වාර්තා පළ වුණේ. 


එවන් පසුබිමක් තුළ ගෙන්වූ සීනි තොග මෙරට තුළ තිබියදීත් මෙලෙස වෙළඳපලේ සීනි මිල දිනෙන් දින ඉහළ යන්නේ ඇයි? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් ඍජුව ප්‍රශ්න කළා. 


සොයා බැලීමකදී හෙළි වුණේ සීනි මෙටි්‍රක් ටොන් ලක්ෂ 02 කට ආසන්න ප්‍රමාණයක් මේවනවිට රට තුළ ඇති බවයි. එය තවත් මාස 06 ක මෙරට සීනි පරිභෝජනයට ප්‍රමාණවත් වනවා. 

nethnews

No comments

Ads Place