Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තවත් ප්‍රශ්ණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනව...


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, එංගලන්ත තරග සංචාරයේ දී ඔහු මුහුණ දුන් උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්. ඉකුත් දින දෙකේදී පුහුණුවීම් සදහා ද කුසල් ජනිත් එක් වූයේ නැහැ. ඉන්දීය තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි අවසන් තීරණයක් අද ගනු ඇති බවයි වාර්තා වන්නේ.


මේ අතර, නිරෝධායන කාලය ගත කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ඊයේ දිනයේ දී කණ්ඩායමේ පුහුණුවීම් සදහා සහභාගී වී තිබුණා.


කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වීම හේතුවෙන් කල් දැමුණු ඉන්දීය - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වීමට නියමිතයි. 

nethnews

No comments

Ads Place