Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චිත්‍රපටි සංස්ථා ලොක්කෝ කෝප් කමිටුව ඉදිරියට!

 ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට ලබන 19වැනිදා සඳුදා කැඳවීමට තීරණය කර ඇතැයි පාර්...


 ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට ලබන 19වැනිදා සඳුදා කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.


මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා 13ක් ඉදිරි සති කිහිපයේදී රැස්වීමට නියමිත බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.


මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19වැනිදා රැස්වීමට නියමිතය.


ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 20 වෙනිදා රැස්වෙයි.


එයට අමතරව සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්ද අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්ද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ද ලබන 3 වැනිදා රැස්වීමට නියමිතය.


විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන අගෝස්තු මස 4 වෙනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කීය.

noizetv

No comments

Ads Place