Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චිකාගෝ වගේ වෙයි.. නින්ජා කල්ලියක් ඇවිත් පිරිසකගේ අතපය වෙන් වෙන්නම කපා දමයි..

  යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙක...

 


යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙකුට බරපතල තුවාල සිදුවී තවත් දේපල රැසක්ද විනාශ කොට පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පැවසීය.

කොණ්ඩාවිල්හි පිහිටි ශබ්දාගාරයක් අසල රැසව සිටි පිරිසක් වෙතට එකවරම මුහුණු ආවරණය කොට ගොන කඩු ඇතුලු තියුණු ආයුධ සමගින් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති බවට තොරතුරු වාර්ථා වෙයි.

එහිදී තියුණු ආයුද සහිතව පැමිණි පිරිස් විසින් ශබ්දාගාරය ඉදිරිපිට සිටි පුද්ගලයින් බරපතල කැපුම් තුවාල සිදුකොට ඇති අතර ඇතම් පුද්ගලයින්ගේ අත් සිරුරෙන් වෙනවන ලෙසින්ද කපා ඇති බවටත් අනතුරුව අසල තිබූ ත්‍රී රෝද රථයකට සහ කාර් රථයකටද දැඩි අලාබහානි කොට ශබ්ධාගාරයටද ගිනිතබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරනය වී ඇත.

බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවටද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මේ අතර අදාල පහරදීම සිදුකල පුද්ගලයින් ක්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඇත්දැයි සොයා බලා කණ්ඩායම් කිහිපයක් විසින් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇති බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place