Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වෙන්න මහේල බෑ කියයි..

  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තමන්ට බාර ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ...

 


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තමන්ට බාර ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නොව ඕනෑම රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමට තමන් මේ අවස්ථාවේ සූදානම් නැති බවත් ඒ සඳහා වැය කිරීමට තරම් කාලයක් තමන්ට නොමැති බවත්ය.

තමන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සති තුනක පමණ කාලයක් පමණක් යයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස සහාය දීමට සූදානම් බවත් දැන්ද එම කටයුත්ත සිදු කරන බවත් ඔහු පැවසීය.

නමුත් තමන් 19න් පහල කණ්ඩායම සමග වැඩි වශයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ඒ බව බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place