Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ විපක්ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තිබෙනවා. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. එහිදි ද්...


ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තිබෙනවා. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. එහිදි ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිලිබදව සාකච්ඡා කළ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ. 


මෙරට ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවද විපක්ෂ නායකවරයා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.


එමෙන්ම මෙරට සංවර්ධනය සහ ප්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් ද කළ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.


මේ අතර සමගි ජන බලවේගයේ ”විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන හරහා ක්‍රියාත්මක රෝහල් උපකරණ ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විපක්ෂනායකවරයා වෙත සඳහන් කර ඇත්තේ.

nethnews

No comments

Ads Place