Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රවුම් මුහුණකට හැඩැති කොණ්ඩ මෝස්තරයක්

  ස්ට්‍රේට් ආකාරයේ දිග කොණ්ඩයක් ඇති දියණියන්ටයි මේ ලස්සන කොණ්ඩා මෝස්තරය. මෙය උත්සව අවස්ථාවකට වගේම සාමාන්‍ය ගමනක දී වුවත් යොදාගන්නට හැකියි. බ...

 


ස්ට්‍රේට් ආකාරයේ දිග කොණ්ඩයක් ඇති දියණියන්ටයි මේ ලස්සන කොණ්ඩා මෝස්තරය. මෙය උත්සව අවස්ථාවකට වගේම සාමාන්‍ය ගමනක දී වුවත් යොදාගන්නට හැකියි.


බෙහෙවින්ම සරල විලාසිතාවක් වූ මෙය හිසේ ඉදිරිපස එක් පැත්තක සිට පසුපස මැද දක්වා ගොතා නැවත ගෙතීම ආරම්භ කළ පැත්තේම පහතට යනකම් ගොතාගෙන අවසන්කර තිබේ. මෙය වඩාත් සුදුසු අවුරුදු 14 - 19 වයස් කාණ්ඩයේ දියණියන්ටයි. ඒ වගේම රවුම් හා ඇපල් හැඩයක් ඇති මුහුණකට සුන්දර පෙනුමක් ගෙන දෙයි. මෙය dutch style braid ආකාරයේ විලාසිතාවකි.


මේ සඳහා කොණ්ඩය අවුල් හැර හොඳින් පීරා ගන්න. අංක 1 රූපය බලන්න. දැන් ඉදිරිපස වම් කන ළඟින් සාමාන්‍ය කොණ්ඩය ගොතන ආකාරයට කෙස් කොටස් තුනක් අල්ලා කොණ්ඩය ගොතන්න. මෙහිදී හිස ඉදිරිපසින් පමණක් කොණ්ඩය අල්ලමින් රවුමට දකුණු පසට යනතෙක් ගොතාගෙන ගිහින් නැවත වම් පැත්තට ගොතාගෙන එන්න. වම් පසට ගෙතීමේ දී කොණ්ඩා කොටස් අල්ලා ගත යුත්තේ පහතින් ඇති කොණ්ඩයෙන් පමණයි. අංක 2, 3 හා 4 රූප දෙස බැලීමෙන් මෙය පැහැදිලි කරගත හැකියි. ඉන්පසුව අවසානයට පහතට යනකම් ගොතාගෙන බූල් බෑන්ඩ් එකක් දමා නීට් කරගන්න. බලන්න, මොනතරම් ලස්සන ද කියා. මෙය ඔබේ සහෝදරියකට, යෙහෙළියකට දමා අත හොඳින් හුරු කරගන්න. ඔබ වෙනුවෙන් දැමීමට ඔවුන්ට ද මේ මෝස්තරය ගොතාගන්නා ආකාරය කියා දෙන්න.

tharunee

No comments

Ads Place