Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිවා රාත‍්‍රි වැඩ කරන්නැයි ඇමති දන්වයි…

  මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස කොටසේ ඉදිකිරීම් වල වත්මන් තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂන චාරිකාවක් මහා මා...

 


මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස කොටසේ ඉදිකිරීම් වල වත්මන් තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂන චාරිකාවක් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී නිලධාරීන් ඇමතූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම කඩවත සිට මීරිගම දක්වා වු මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කිරිමටයි බලාපොරොත්තු වනවා. එම නිසා නියමිත දිනට වැඩ අවසන් කිරිම සදහා දැන් සිටම සැලසුම් අනුව වැඩ කරන්න.

වැඩ ප්‍රමාදයක් පවතිනවා නම් දිවා රාත්‍රි වැඩ කර නියමිත දිනට වැඩ අවසන් කිරිමට සැලසුම් සකස් කරන ලෙසද නැත්නම් අවසන් කාලය වන විට සැලසුම අනුව වැඩ නිම කිරිමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවද පෙන්වා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටළුවක් පවතී නම් එම ගැටළු හැකි ඉක්මනින් නිරාකරණය කර දීම සදහා තමන් මැදිහත් වන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

තවද වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මොනයම් හෝ ගැටළුවක් පවතී නම් කඩිනමින් අමාත්‍යාංශ ලේකම්තුමා දැනුවත් කර ලෙසය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

lankacnews

No comments

Ads Place