Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද සුලග පරාදයි.. දිනුවේ බැසිල් හැදූ පොහොට්ටුවයි..

  මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ  2015 මහ මැතිවරණයට ඉදිරිපත්වීම නිසා සිදුවූයේ කබලෙන් ල...

 


මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ  2015 මහ මැතිවරණයට ඉදිරිපත්වීම නිසා සිදුවූයේ කබලෙන් ලිපට වැටීමක් යැයි  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස “මහින්ද සුළඟ” වටා ඒකරාශි වූ ජනතාව පරාජයට පත්වූ බවත් එම පරාජයට වගකිවයුත්තේ එක්ව තරග කළ යුතු යැයි යෝජනා කළ අය බවත් ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම් වලදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා  මෙසේ පැවසීය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තාක්ෂණය ඔස්සේ ආසන බල මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. රටේ පවතින වසංගත තත්වය නිසා සෞඛ්‍ය උපදෙස් ගරු කරන දේශපාලන පක්ෂයක් විදිහට අපිට රැස්වෙලා තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. එහෙම වුණා කියලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් විදිහට අත්තනෝමතිකව තීරණ ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසයි තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අපේ ආසන බලමන්ඩල කැඳවා තීරණ ගන්නේ.

මේ වසංගත තත්ත්වය පිළිබඳව  නිශ්චිතව අදහස් දක්වන්න අපට හැකියාවක් නැහැ. ඒ නිසා තවදුරටත් වසංගත තත්ත්වය පවතිනවා නම්  මෙයාකාරයෙන්  රැස්වීම් පවත්වමින් ගමේ ගැටළු ගැටලු සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරියේදී ඉදිරියේදී අනුගමනය කරනවා.

එදා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පරාජයට පත්වීමෙන් පසුව “මහින්ද සුළඟ” ජනතාව එක තැනකට එකරාශී කලා. ඒ වෙලාවේ දෙදහස් පහළොවේ පැවැත්වුණු මහ මැතිවරණයට වෙනමම තරග කරන්න ඕනෙ කියලා අපි යෝජනා කළා. ඒ උනාට බහුතරයේ කැමැත්ත මත  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යටතේ  එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඒ මැතිවරණයට තරග කරන්න තීරණය වුණා. එහි ප්‍රතිඵලය විදියට අපි පරාජය වුණා. ඒ පරාජයට  හේතු වුනෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය හා ප්‍රකාශනයි. එදා වෙනම තරග කළා නම් යහපාලන රජය බිහිවෙන්නේ නැහැ. මැතිවරණයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුව පිහිටුවන්න කටයුතු කළා. ඒ වෙලාවේ අපි කිහිපදෙනෙක් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර  මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්  පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා. එදා සිද්ද වුණේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. අපිට ලැබෙන්න තිබුනොත් ජයග්‍රහනය නැතිවුණා.

ඊට පස්සේ බැසිල්  රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන්, සංවිධානත්වයෙන් හා කැපවීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට බිහිවෙනවා. ගම් මට්ටමේ ජනතාවගේ පක්ෂයක් විදිහට බිහිවෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම කෙටි කාලයක් ඇතුළත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කලා. ඊට පස්සේ අතිවිශාල මනාප සංඛ්‍යාවකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙක් බිහි කරා. ඊටත් පස්සෙ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණා. ඒ ලංකා ඉතිහාසයේ ලාබාලතම දේශපාලන පක්ෂය විදිහටයි. ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණයේදී ගම්පහ දිසත්‍රික්කයේ අපි වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන්නා.

“අපේ අයට ඡන්දය දෙන්න” කියලා මහ මැතිවරණ වේදිකාවේදී මම ප්‍රසිද්ධියේ කිව්වා. එහෙම කිව්වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරන අවස්ථාවේ ඉඳලා කැපවීමෙන් වැඩකරපු අපේ අයට අවස්ථාව ලබා දෙන්න මට තිබුන උවමනාව නිසයි. නමුත් ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂ මහතා මට දුරකථනයෙන් කතා කර ” ප්‍රසන්න ඔය කතාව කියන්න එපා. ඔයාට මනාප දෙන්න හිතාගෙන ඉන්න  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ මනාප ඔයාට නැති වෙනවා” කිව්වා.

ඒ උනාට මට ඕන වුණේ මගේ මනාප වැඩි කරගන්න එක නෙවෙයි . මගේ තිබුණ එකම අරමුණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් පත් කරන එකයි. මගේ මනාප අඩු වුණත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 13ක් බිහිකර ගන්න අපිට පුළුවන් වුණා.

අපේ ආණ්ඩුව බලයට ඇවිත් කෙටි කාලයක් ඇතුළත  රැකියා ප්‍රශ්නය විසඳමින්, අතරමග නතර කළ සංවර්ධනය ජනතාව අතරට අරන් ගියා. අවාසනාවට මුළු ලෝකෙටම බලපෑම් කළ කොවිඩ් වසංගතයට අපිටත් මුහුණ දෙන්න සිදුවුණා.

එදා ආර්ථික විශේෂඥයෝ කිව්වේ රට වැහුවොත් ආර්ථිකය කඩා වැටෙනව කියලයි. ඒ උනාට ජනාධිපති තුමා කිව්වේ ආර්ථිකය කඩා වැටුණත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ කියලයි. ජූලි මාසය අවසන් වීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආසන 13 ක පක්ෂයේ වියදමින් කොරෝනා වාට්ටු සකස් කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, මීරිගම හා අත්තනගල්ල වාට්ටු තුනක් ලැබුණා. මේ වෙනකොට අපි ගම්පහ දිස්ත්‍රික්කයේ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් සඳහා වැරැල්ලවත්ත, සීදූව, කටුනායක, දොම්පේ ප්‍රදේශවල  අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කරලා තියෙනවා. බියගම සහ කැලණියේ එවැනි තවත් මධ්‍යස්ථාන දෙකක් හදනවා. මේ වෙනකල් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගෙන ගියා. ඉස්සරහට එහෙම වෙන්නේ නෑ.

සංචාරක ක්ෂේත්‍රයේ මිලියන තුනක් පමණ ජනතාවක් අද වෙනකොට ආර්ථික කඩාවැටීමකට ලක්වෙලා. විදේශ රටවල සේවය කළ විදෙස් ශ්‍රමිකයින්ට රැකියා නැතිවෙලා. මේ අපිට ලැබෙන ඩොලර් නැති වෙන්නේ.

කුවේට් වල විදේශ ශ්‍රමිකයෝ 400ක් විතර නැවත ලංකාවට ගෙනාවා. තවත් 200ක් ගේන්න ඉන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් කෙටි කාලයකින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට පත්වුණා. මේ වගේ ආර්ථික අභියෝග මැද හතර වතාවක් රුපියල් පන්දහසේ දීමනාව ලබා දුන්නා. ආසාදිතයින්ගේ පවුල්වලටත්, නිරෝධායන වන පවුල්වලටත් බඩුමලු ලබා දුන්නා. සෞඛ්‍යය පහසුකම් දියුණු කළා. සමහර රටවලට තවමත් එකම එන්නතක් වත් ලැබිලා නෑ.  අපිට පුළුවන් වුණා අපේ රටේ එන්නත් කරන වැඩපිළිවෙළ ආරම්භ කරන්න.

එදා යුද්ධය පවතින වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධයට නායකත්වය දෙන කොට අනිත් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මහතා ‘අපි වවමු රට නගමු‘ සංකල්පය ක්‍රියාත්මක කරලා ආහාරයෙන් රට සුරක්ෂිත කරා. රජ කාලේ යුද්ධ වලට යනකොටත් රටේ ආහාර ගබඩා කරලා තියෙනවා. මොන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණත් ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට එදා කටයුතු කළා. ඒ වගේම අදත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ශක්තියක් දෙමින් මහින්ද රාජපක්ෂ මහතාත් බැසිල් රාජපක්ෂ මහතා වැඩ කරනවා. අපි බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන්න කියන්නෙ කියන්නේ ඒ නිසයි. 2005 ඉඳන් ලැබූ ජයග්‍රහණ පිටුපස බැසිල්  රාජපක්ෂ මහතා නිහඬ චරිතයක් වුණා. එදා ජයග්‍රහණයට අයිතිකාරයෝ ගොඩක් හිටියා. ඒ උනාට පරාජයේ වගකීම භාරගත්තේ බැසිල් රාජපක්ෂ විතරයි.

අද වකුගඩු රෝගීන් වාර්තා වීම වැඩි වෙලා. පොළවේ පස සාරවත් කර අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ.මේවා රටේ ජනප්‍රිය තීන්දු නොවෙන්න පුළුවන්.

අපේ පක්ෂය ජනතාව  හදපු පක්ෂයක්.  අනිත් පක්ෂ වගේ ශීත කාමරවල හදපු පක්ෂයක් නෙමේ. මේ අපහසු අවස්ථාවේ පක්ෂයත්, ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන ඉදිරියට යමු.

මෙම අවස්ථාවට මීරිගම ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ

lankacnews

No comments

Ads Place